ප්‍රංශයෙන් එවපු රු.කෝටි 2ක් වටිනා තෑග්ග රේගුවේ සිරවෙයි

රුපියල් කෝටි දෙකක් පමණ වටිනා මෙතම්ෆෙතමීන් නමැති මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන්තොටුපලේ දී සොයාගෙන තිබේ.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ගුවන් බඩු කොට්ඨාසයට අනුබද්ධිත “කළම්බු කාර්ගෝ එක්ස්ප්‍රස්“ නමැති ගුවන් භාණ්ඩ ප්‍රවාහන බැඳුම්කර ගුදම වෙත  ගුවන් මගින් එවා තිබූ සැක කටයුතු ගුවන් තැපැල් පෙට්ටියක තිබී අදාල මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති බව වාර්තා වෙයි.

එහි පොලිතීන් මලු තුළ සූක්ෂම ලෙස අසුරා තිබූ මෙතැම්පටමයින් පෙති 5716 ක් සොයාගෙන තිබේ.

මෙම ගුවන් බඩු බහාලුම කොළඹ, අලුත්කඩේ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකුගේ නමට, ත්‍යාගයක් ලෙස ප්‍රංශයේ සිට එවා ඇති බව සඳහන් වේ.

ඒ අනුව ගුවන්තොටුපල රේගු නිලධාරින් විසින් අදාල පුද්ගලයා සොයා ගොස් ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435