ප්‍රතික්ෂ්‍රේපකල උපාධිධාරී පත්වීම් 3000ක් සඳහා නැවත බඳවා ගැනීමක්

අභ්‍යන්තර උපාධිධාරීන් සඳහා ලබාදී තිබූ රාජ්‍ය සේවයේ පත්වීම් 3000ක් භාර නොගැනීම නිසා ඇති වී ඇති පුරප්පාඩු සඳහා විශේෂවේදී උපාධිධාරීන් බඳවා ගැනීමට කටයුතු කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා ප්‍රකාශකර තිබේ.

පසුගිය 06 වෙනිදා අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේදී පැවති ශ්‍රී ලංකා රැකියා විරහිත අභ්‍යන්තර උපාධිධාරී සංගමයේ උපාධිධාරීන්ගේ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

2018.06.30 හා 2016.12.31 දක්වා උපාධි ලබාගත් උපාධිධාරීන්ට සංවර්ධන නිලධාරී රැකියා ලබා දී තිබෙන අතර එහිදී විශේෂවේදී උපාධිය හැදෑරූ උපාධිධාරීන් අසාධාරණයට ලක්ව ඇති බව රැකියා විරහිත අභ්‍යන්තර උපාධිධාරී සංගමය එහිදී වැඩිදුරටත් පෙන්වා දෙනු ලැබීය.

එහිදී ඇමතිවරයා සඳහන් කළේ 2017 වර්ෂයේදී විශ්ව විද්‍යාලයෙන් ඉවත්ව යන්නේ 2016 වර්ෂයේ පිරිසගෙන් විශේෂවේදී උපාධිය ලබාගත් පිරිස බවත් ඊට හේතුව විශේෂවේදී උපාධිය වසර 4ක් හැදෑරීමට වන නිසා බවයි.

ඒ අනුව 2016 වර්ෂයේ සාමාන්‍ය උපාධිය ලබා ගැනීම නිසා එම පිරිසට රැකියා ලැබී ඇති බවත් 2017 වර්ෂයේ විශේෂවේදී උපාධිය ලබාගත් පිරිසට රැකියා නොලැබී යාමටත් මෙම හේතුව බලපා ඇති බවත් සංගමය අමාත්‍යවරයා වෙත අවධාරණය කරන ලදී.

ඒ අනුව අගෝස්තු මස 24 ලබාදීමට නියමිත පත්වීම්වලට අභ්‍යන්තර විශේෂවේදී උපාධිධාරීන්ගේ නාම ලේඛණය ඇතුළත් කිරීමට කටයුතු යොදන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න (1)

  1. Author says:

    Ethakota bahira upadi darinta pathwin denne.dewiyoda.me anduwa upadi darin dekata karata hena wadinna one

    (0)(0)



    0



    0

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435