ප්‍රතිත්‍රස්ත පනතක් රටට අවශ්‍ය නෑ

රටට ප්‍රතිත්‍රස්ත පනතක් අවශ්‍ය නොවන බවත් අවශ්‍ය වන්නේ පවතින පනතට සංශෝධන සිදුකර ශක්තිමත් කිරීම බවත් හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.

හමුදාපතිවරයා මේ බව සඳහන් කළේ, නිවුස් ෆස්ට් සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

තවදුරටත් අදහස් දැක්වූ හමුදාපතිවරයා පැවසුවේ රටේ ආරක්ෂාව තහවුරු කර ඇති බැවින්, ජනතාවට සැකයකින් තොරව දෛනික කටයුතු සිදුකිරීමට හැකියාව පවතින බවයි.

කිසිදු විදේශීය හමුදාවක් හෝ කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ආරක්ෂාවට මැදිහත් නොවන අතර අවශ්‍ය අංශවල විශේෂඥ සහය පමණක් ලබා ගන්නා බව ද මෙහිදී හමුදාපතිවරයා අවධාරණය කළේ ය.

වැඩබිම

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435