ප්‍රවේශමෙන් – ඩෙංගු අවදානමක්

පවතින වර්ෂා සහිත කාලගුණය සමග  දිවයිනේ දිස්ත්‍රික්ක කීපයකම ඩෙංගු රෝගීන් වැඩි වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කරයි. වැඩි අවදානම් ප්‍රදේශවල මේ වර්ෂයේ ප්‍රථම කාර්තුවට වඩා දෙවන කාර්තුවේ කීට විද්‍යා දර්ශකවල  විශාල වැඩිවීමක් පෙන්නුම් කිරීම අවධානයට ලක් විය යුතු කරුණක් වෙයි.

මේ අතර කොළඹ මහ නගර සභා සීමාව තුල ආයතන  අතරින්, ආයතන 50% කට වැඩි සංඛ්‍යාවකම  ඩෙංගු මදුරු කීටයින් හමුවී ඇත .

නිසි පරිදි අවශ්‍ය මදුරු මර්දන  කටයුතු සිදු නොකලහොත් මෙම අවදානම් තත්වය වර්ෂාවත් සමගම තව දුරටත් ඉහල යා හැකි බවද ජාතික ඩෙංගු මර්දන ඒකකය පෙන්වාදෙයි.

මේ වන විට හඳුනා ගත් අධි අවදානම් සහිත දිස්ත්‍රික්ක හා ප්‍රදේශ ලෙස කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය,කොළඹ, ගම්පහ, කළුතර,මහනුවර, ගාල්ල හා රත්නපුර දිස්ත්‍රික්ක ප්‍රධාන වෙයි.

මෙම අධි අවදානම තත්වය වසංගත තත්වයක් දක්වා වර්ධනය වීම වලක්වා ගැනීමට අදාල ප්‍රදේශවල මදුරු මර්දන කාර්‍යයන් වැඩි අවධානයක් සහිතව ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ජාතික ඩෙංගු මර්දන ඒකකය අවධාරණය කරයි.

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435