ප්‍රවේසමෙන් – දිනකට දසලක්‍ෂයක්‌ ලිංගික රෝගවලට ගොදුරු වෙයි

දිනපතා ලක්‍ෂ දහයකට වැඩි ජනතාවක්‌ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගවලට අලුතින් ගොදුරු වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ලොව පුරා වසරකට ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගවලට අලුතින් ගොදුරු වන ප්‍රමාණය මිලියන 376 කි.

මෙම ඇතැම් ලිංගික රෝගවලට ඖෂධ නොමැති බවත් එය ඉතාම භයානක තත්ත්වයක්‌ බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ලොව ජීවත්වන සෑම විසිපස්‌ දෙනකුගෙන් එක්‌ අයකුටම ලිංගික රෝග වැළඳී ඇති බව හෙළි වී තිබේ.

මෙම රෝග වැළඳුණු විට වෙනත් රෝගාබාධවලට පහසුවෙන් ගොදුරු වන බවද සොයාගෙන තිබේ.

කාන්තාවන්ට ගර්භණී සමයේදී මෙම රෝග වැළඳුණ හොත් අඩු මාසයෙන් දරුවන් ලැබීම, දරුවන් අඩු බරින් යුක්‌තවීම,

දරුවන්ට නිව්මෝනියාව, අන්ධභාවය ආදිය ඇතිවීමද සිදුවන බව සොයාගෙන තිබේ. මේ හේතුවෙන් ආරක්‍ෂිත ලිංගික සබඳතා පැවැත්වීමට ලොව පුරා ජනතාව යොමු විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියා සිටී.

මෙම ඇතැම් රෝගවලට ඖෂධ ප්‍රතික්‍රියා නොකිරීම නිසා මිලියන දහස්‌ ගණනක්‌ වැයකර නව ප්‍රතිජීවක වර්ග නිපදවීමට ඖෂධ සමාගම්වලට සිදුව තිබේ.

මූලාශ්‍රය – දිවයින

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435