ප්‍රසූත නිවාඩුව කප්පාදු කිරීමට එරෙහිව විරෝධය

මෑතකදී බඳවාගත් අභ්‍යාසලාභී උපාධිධාරීන්ගේ ප්‍රසූත නිවාඩු කප්පාදුව හකුළාගන්නා ලෙස බල කරමින් රාජ්‍ය සේවා , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය ඉදිරිපිටදී වෘත්තීය සමිති කිහිපයක හා සිවිල් සංවිධාන නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් අද (28) දැවැන්ත විරෝධතාවක් පවත්වන ලදී.

මෙලෙස රජයේ සේවකයන්ගේ ප්‍රසූත නිවාඩු කප්පාදු කිරීමට රජය සැලසුම් කිරීම සම්බන්ධයෙන් පසුගියදා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමටද ඒකාබද්ධ සංවර්ධන නිළධාරී මධ්‍යස්ථානය විසින් පැමිණිලි කර තිබේ.

එම මධ්‍යස්ථානයේ ලේකම් ධම්මික මුණසිංහ මහතා කියා සිටියේ සාමාන්‍යයෙන් රජයේ හෝ පෞද්ගලික අංශයේ සේවකයෙකුට දින 84ක වැටුප් සහිත ප්‍රසූත නිවාඩු හිමිවන අතර සංවර්ධන නිළධාරීන් ලෙස අලුතින් බඳවා ගත් උපාධිධාරීන්ට එම නිවාඩු සංඛ්‍යාව 42 දක්වා කප්පාදු කර ඇති බවයි.

ඔවුන්ගේ ඉල්ලීම ලැබෙන තුරු මෙම විරෝධතාව අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව මුණසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

Image may contain: 2 people, people standing and outdoor
Image may contain: 2 people, beard and outdoor
Image may contain: 1 person, standing and outdoor
Image may contain: one or more people, people standing and outdoor
Image may contain: 2 people, people standing and outdoor

 

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435