පාපන්දු කුසලානයට කටාරය ලහි ලහිහේ සූදානම් වෙයි

2022 ලෝක පාපන්දු කුසලාන තරඟාවලිය කටාර් රාජ්‍ය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වීමට නියමිත අතර දිගු කාලයක සිට කටාරය තරඟාවලිය සඳහා සූදානම් වෙයි.

එහි මූලික ක්‍රීඩාංගන කටයුතු කඩිනමින් ඉදිකරමින් පවතින අතර ඇතැම් ගල්ෆ් රටවල සම්බාධක හමුවේ වුවත් නොසැලී කටාරය 2022 ලෝක පාපන්දු කුසලාන තරඟාවලින්යට සූදානම් වීම කාගෙන් පැසසුමට හා කතාබහට ලක්වූ කාරණාවක් බවට පසුගිය කාලය පුරා පත්විය.

කෙසේ වෙතත් මේවන විට තරඟාවලිය සඳහා නිර්මාණය කරන ලද නිල ලාංඡනය එළිදැක්වීමට දෝහා ඇතුළු කටාරයේ ප්‍රධාන නගර 27ක දී සිදු කිරීමට කටාය කටයුතු කර ඇති බව සඳහන්.

තරඟාවලිය 2022වසරේ නොවැම්බර් 21 වෙනි දින සිට දෙසැම්බර් 18 දක්වා පැවැත්වීමට න්යමිත අතර මෙම තරඟාවලියේ සත්කාරක රට ලෙස කටාරය සුදුසුකම් ලැබුවේ 2010 වසරේ පැවති ඡන්ද විමසීමකින් අනතුරුව ඇමරිකාව,ඕස්ට්‍රේලියාව, දකුණු කොරියාව හා ජපානය පරාජය කරමින් වීමද විශේෂත්වයකි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435