පාලකයෝ ගිවිසුම කඩයි – සේවකයින් වැටුප් එපා කියයි

තේ වතු සමාගම් තුනක සේවයේ නියුතු නිත්‍ය කාර්යය මණ්ඩලය (25) ගෙවීමට නියමිත මාසික වැටුප ලබා ගැනිම වර්ජනය කළ බව ලංකා වතුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් නාත් අමරසිංහ මහතා පවසයි.

වතු සමාගම්වල නිත්‍ය කාර්යය මණ්ඩලයට 25 % වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් පසුගිය දා වතු සමාගම් 21 ක් සහ තම වතු සේවා සංගමය අතර වසර තුනකට බල පැවැත්වෙන සේ සාමුහික ගිවිසුමක් අත්සන්කර එම ගිවිසුම යාවක්කාලින කළ බවත්, එම ගිවිසුම අනුව තේ වතු සමාගම් 18 ක් ගිවිසුමට අදාළ වැටුප මේ මස ගෙවා ඇති බවත් ඔහු සිහිපත් කළේය.

එසේ වුවද වතු සමාගම් තුනක් පමණක් වැඩි වු වැටුප මුලික වැටුපට ඇතුළත් කර නොමැතිව වැඩි වු වැටුප දිමනාවක් වශයෙන් ගෙවීමට සැලසුම් කර තිබු නිසා තම සංගමයේ සමාජිකයන් වැටුප් ලබා ගැනීම අද (25) වර්ජනය කළ  බව නාත් අමරසිංහ මහතා කියා සිටියේය.

ඒ අනුව මස්කෙලිය වැවිලි සමාගම , කැගල්ල වැවිලි සමාගම , නමුණුකුල වැවිලි සමාගම යන වැවිලි සමාගම්වල සේවයේ නියුතු තම සංගමයේ සමාජිකයන් 1500 ක් පමණ සමාජිකත්වය දරන බවත්,එම සමාජිකයන් විසින් මේ මස වැටුප ලබා ගැනිම වර්ජනය කළ බවත් නාත් අමරසිංහ මහතා පෙන්වාදෙයි.

මේ ගැටළුව සම්බන්ධයෙන් අදාළ සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරින්ට තමන් දැනුම් දුන් බවත්, අදාල වැටුප වැඩි විම මුලික වැටුපට එක් කර මේ මස28 දිනට ප්‍රථම තම සමාජිකයන්ට ගෙවිමට අදාළ සමාගම් අපොහොසත් වුව හොත් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට එලඹෙන බව නාත් අමරසිංහ මහාතා මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් අවධාරණය කළේය.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435