පාසල් ගුරුවරුන්ගේ හිඟ වැටුප් ලබාදීමට පියවර

ජාතික පාසල්වල ගුරුවරුන්ගේ හිඟ වැටුප් ගෙවීමට අදාළ මූල්‍ය ප්‍රතිපාදන නිදහස් කිරීමට පියවර ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් පරිදි ඒ ඒ පළාත් අධ්‍යාපන කාර්යාලවලට එම මුදල් ප්‍රතිපාදන යොමුකර ඇති බවයි. කලාප අධ්‍යාපන කාර්යාල මගින් එම ජාතික පාසල් ගුරුවරුන්ගේ හිඟ වැටුප් සකස් කරමින් පවතින අතර ඒවා අවසන් වු වහාම ගෙවීමට හැකි වන පරිදි අවශ්‍ය මුදල් ප්‍රතිපාදන අමාත්‍යාංශය විසින් මෙලෙස නිදහස් කර ඇති බව සඳහන්ය.

ඒ අනුව අදාළ ගෙවීම් සිදුකරන ලෙස අමාත්‍යාංශය පළාත් අධ්‍යාපන කාර්යාල වෙත දැනුම් දී තිබේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435