පාසල් සඳහා උපාධිධාරීන් රැසක් බඳවා ගැනීමේ සූදානමක්

උපාධිධාරි අභ්‍යාසලාභීන් පහළොස්දහසක් ගුරුවරුන් වශයෙන් බඳවා ගැනීමට අදාළ පුහුණුවක් ලබා දීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය පසුගියදා මැතිවරණ කොමිෂණ් සභාවෙන් ඉල්ලීමක් කර තිබුණි.

එහිදී සඳහන් වෙන ආකාරයට ජාතික පාසල් ඇතුළුව සියළුම පාසල්වල ගුරු පුරප්පාඩු දොළොස්දහස් හත්සිය හතක් පවතින බවයි. ඒ අතුරින් ජාතික පාසල්වල පවතින පුරප්පාඩු ගණන පන්දහස් හයසියයකි. මෙම පුහුණුව සඳහා බඳවා ගන්නා උපාධිධාරීන් පාසල්වල පවතින පුරප්පාඩු සඳහා බඳවා ගැනීමට අධ්‍යාපන අමාත්‍ංයාශය සූදානම්ව සිටින බවයි එහිදී සඳහන් වී තිබුණේ.

රැකියා විරහිතව සිටින උපාධිධාරීන්ට මෙය හොඳ අවස්ථාවක් බවත් එහිදී අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මැතිවරණ කොමිසමේ අසවරය ලද විගස පුහුණුව කඩිනමින් ආරම්භකරන බවත් සුදුසුකම් හැර වෙනත් කිසිඳු සාධකයක් මෙම බඳවා ගැනීම්වලට අදාළ නොවෙන බවත් එම අවස්ථාවේ අමාත්‍යවරයා ප්‍රකාශකර තිබුණි.

කෙසේ නමුත් අදවනවිට රැකියා විරහිතව සිටින උපාධිධාරීන් විශාල ප්‍රමාණයක් රැකියා අපේක්ෂාවෙන් පසුවෙයි. පසුගිය කාලවකවානුව තුළ අභ්‍යාසලාභී පුහුණු පත්වීම් ලැබූ උපාධිධාරීන් විශාල ප්‍රමාණයක් පුහුණුව ආරම්භවෙන තුරු අපේක්ෂාවෙන් බලා සිටී.එවන් පසුබිමක තවත් උපාධිධාරීන් රැසකට ගුරු පුහුණුව ලබා දීමට තිරණය කර තිබීම සුබදායකය. එනමුත් එම පත්වීම් ලබා දෙන තුරු, පුහුණුවීම් ආරම්භවෙන තුරු උපේක්ෂාවෙන් බලා සිටීමට උපාධිධාරීන්ට සිදුවෙනු ඇති බවයි හැඟී යන්නේ..

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435