පැරීසියේ මැයි දින රැලියේ දී පොලිසිය හා කම්කරුවන් ගැටී 380 ක්‌ අත්අඩංගුවට

ප්‍රංශයේ මැයි දිනයදා දහස්‌ ගණනක්‌ කම්කරු ජනතාව සහ කහ විරෝධතාකරුවන් දේපළවලට හානි කරමින් කසළ බඳුන්වලට ගිනි තබමින් ජනාධිපති එමානුවෙල් මාර්කොන්ගේ ආර්ථික ප්‍රතිපත්තිවලට දැඩි විරෝධයක්‌ දැක්‌වූහ.

මෙම කලහකාරී සිද්ධීන්වලට සම්බන්ධ 380 ක්‌ අත්අඩංගුවට ගෙන ඇත. වෘත්තීය සමිතිවලට සම්බන්ධව කම්කරු ජනතාවගේ විරෝධතා මර්දනය කිරීම සඳහා රජය 7400 ක පොලිස්‌ භටයන් යොදවා තිබුණි.

මෙහිදී විරෝධතාකරුවන් සහ කැරලි මර්දන පොලිසිය අතර ගැටුම්ද ඇති විය.

මෙම ගැටුමේදී අට දෙනෙක්‌ තුවාල ලැබූහ. ඊට අමතරව පොලිස්‌ භටයන් 14 ක්‌ද තුවාල ලබා ඇත.

විරෝධතාවයට එක්‌ වූ ඇතැම් පුද්ගලයන් වෙස්‌ මුහුණු පැළඳ සිටි බව ප්‍රංශ පොලිසිය කියයි.

මූලාශ්‍රය – දිවයින

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435