පිටරට ඉන්න අයට අද හෙට මෙරටට එන්න නොලැබෙන ලකුණු

මෙරටට ගුවන් මගීන් රැගෙන  පැමිණෙන සියලුම මගී ගුවන් යානා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණිමට පනවා තිබූ තහනම අප්‍රේල් මස 07 වැනිදා තෙක් දීර්ඝ කිරීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර තිබෙන බව වාර්තා වේ

මින් පෙර ගත් තීරණයට අනුව මෙම තහනම මාර්තු මස 31 වෙනිදා දක්වා පනවා තිබූ නමුත් නවතම තීරනයට අනුව ගුවන් ගමන් තහනම අප්‍රේල් මස 07 වෙනි දින දක්වා දීර්ඝ කර තිබේ.

ශ්‍රී ලංකාව තුළ පවතින වර්තමාන තත්වය සැලකිල්ලට ගනිමින් සිවිල් ගුවන් සේවා අධිකාරිය මෙම තීරණයට එළඹී තිබේ .

එහෙත් වෙනත් රටවල් කරා   පිටත්ව   යෑමේ අදහසින් ගුවන් තොටුපළ වෙත සංක්‍රමණික ගුවන් මගීන් රැගෙන පැමිණෙන ගුවන් යානා වලටත් , හදිසි අවශ්‍යතා මත (Emergency Landing ) ගොඩබස්වනු ලබන ගුවන් යානා වලටත් , කාර්මික දෝශ නිසා ( Technical Landing ) ගොඩබස්වනු ලබන ගුවන් යානා වලටත් , ආහාර සහ ඉන්ධන ලබා ගැනීම සදහා ගොඩබස්වනු ලබන ගුවන් යානා වලටත් , මගීන් රහිතව පැමිණෙන ගුවන් යානා වලටත් තවදුරටත් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ විවෘතව පවතී .

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435