පිරිවෙන් සඳහා වෙනම පරිපාලන ඒකකයක්

ශ්‍රී ලංකා විදුහල්පති සේවයට සමාන්තරව ශ්‍රී ලංකා පරිවේණාධිපති සේවය නමින් නව සේවාවක් ස්ථාපිත කිරීමට ද, ඒ සඳහා අවශ්‍ය කැබිනට් පත්‍රිකාව ද ඉදිරිපත් කර ඇත. පිරිවෙන් සදහාම වෙන් වූ පරිපාලන සේවයක් ආරම්භ කිරීමට ද අමාත්‍යවරයා පිරිවෙන් ඒකකයට උපදෙස් ලබා දී ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක දැක්වේ.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

පිරිවෙන් අධ්‍යාපනයේ ප්‍රධාන බලාපොරොත්තුව වන්නේ පර්යාප්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේද යන ත්‍රිවිධ ශාසනයේ උන්නතිය බැවින් ඒ උදෙසා 21 වැනි සියවසෙහි නව තාක්ෂණය ඔස්සේ ගිහි පැවිදි සිසුනට කඩිනමින් අධ්‍යාපනයේ ඵල නෙලා ගැනීමට අවස්ථාව ලබා දීම මෙන්ම පිරිවෙන් ක්ෂේත්‍රය තුළ දශක හතරක් පුරා හඳුනාගත් විවිධ අවශ්‍යතා හා ඌනතා සම්පුර්ණ කිරිම හඳහා නෛතික ප්‍රතිලාභ සම්පාදනය ද පිරිවෙන් පනත සංශෝධනය කිරිමෙහි ප්‍රධාන අරමුණ විය යුතු බවට අධ්‍යාපන අමාත්‍යවරයා අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් ඒකකයට උපදෙස් ලබා දි ඇත. පිරිවෙන් අධ්‍යාපන ක්‍රමවේද අධ්‍යාපනය පිළිබඳ ලෝක විද්වතුන් අතර පිරිවෙන් අධ්‍යාපනය ප්‍රචලිත කිරිමද මෙහි තවත් අරමුණකි.

පිරිවෙන් අධ්‍යාපන පනත සංශෝධනය කරන ලෙස වෘත්තීය සංගම්, පරිවේණාධිපතිවරුන් කෘත්‍යාධිකාරී පරිවේනාධිපති සංගම් ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් කරන ලද ඉල්ලීම් සලකා බැලූ අමාත්‍යවරයා පිරිවෙන් අධ්‍යාපන මණ්ඩලයේ ද අනුමැතිය ලබා ගෙන අවශ්‍ය සංශෝධන සිදු කිරීම නීති කෙටුම්පත් සම්පාදකවරයා වෙත පවරා ඇත.

ඉතිහාසයේ පළමුවරට පිරිවෙන් අධ්‍යාපනයට සමානව සිල්මාතාවනට අවශ්‍ය පහසුකහම් සැලසීම පිණිස ආරම්භ කරන සීල මාතා අධ්‍යාපන ආයතන එකොළහ පිරිවෙන් ඒකකයෙහි ලියාපදිංචි කිරීමටත් ඒවාට පිරිවෙන් හා සමාන වරප්‍රසාද හිමිකර දීමටත් අමාත්‍යවරයා පියවර ගෙන තිබේ.

පාසල් සදහා මෙන් ම පිරිවෙන් සදහා ද භෞතික සම්පත් ලබා දී නිදහස් අධ්‍යාපනයේ සම අවස්ථා පිරිවෙන් අධ්‍යාපනයට ලබා දිය යුතු බවට අමාත්‍යවරයා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ට උපදෙස් දීමේ ප්‍රතිඵලයක් ලෙස රුපියල් මිලියන ගණන් වෙන්කර පසුගිය වසරේ සිට මේ දක්වා පිරිවෙන් දෙසියයකට නව ගොඩනැගිලි සහ සනීපාරක්ෂක පහසුකම් සපයා අවසන් බව පිරිවෙන් ඒකකය පවසයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435