පිළිගත් කම්කරු නීති රීතිත් සමහර හෝටල්වල ක්‍රියාත්මක වන්නේ නැහැ – සුමතිපාල පෙරේරා

22 මැයි 2014 – wedabima.lk

 

පිළිගත් කම්කරු නීති රීතිත් සමහර හෝටල්වල ක්‍රියාත්මක වන්නේ නැහැ – සුමතිපාල පෙරේරා – සභාපති – ආහාර බීම දුම්කොළ කර්මාන්ත සේවක සංගමය – සිනමන් ලොජ් හෝටල් ශාඛාව – හබරණ

 

ප්‍රශ්නය – ජෝන් කීල්ස් සමුහයට අයත් හෝටල්වල සේවක ඉල්ලීම් සම්බන්ධයෙන් ඔබ සංගමය වෘත්තීය අරගලයක් දියත් කළා. ඒ සදහා ලැබුණ විසදුම් කුමක්ද කියන කාරණයෙන් අපි සාකච්ඡාව ආරම්භ කලොත්

 

පිළිතුර – අපි ඉල්ලපු පරිදිම සියලුම ඉල්ලීම් ලැබුනේ නැහැ,. ඒත් ඉල්ලීම් වලින් 65 % ත් 70 % ත් අතර ප්‍රමාණයක් ලැබුණා කියලා අපිට කියන්න පුළුවන්. ඒ නිසාම අපේ වෘත්තිය ක්‍රියාමාර්ගය සාර්ථකයි කියලත් කියන්න පුළුවන්. එය සතුටුදායකත් නැහැ අසටුදායකත් නැහැ. ඒ වගේම අපේ ඉතිරි ඉල්ලීම් ලැබෙනතුරු ඒ සම්බන්ධයෙන් ගතහැකි ක්‍රියාමාර්ග ගන්නා බවත් කියන්න ඕන.

 

ප්‍රශ්නය – ඉල්ලපු ඉල්ලීම් හා ලැබුණ ඉල්ලීම් ගැන තවදුරටත් පැහැදිලි කලොත්

 

පිළිතුර – පොදු වැටුප් වැඩිවීමක් වශයෙන් රුපියල් 3000 ක මුදලක් අපි ඉල්ලුවා. ඒත් එම පොදු වැටුප් වැඩිවීම අපිට ලැබුනේ නැහැ. නමුත් සේවා කාලය සදහා ඉල්ලපු වැටුප් වැඩිවීම අපිට ලැබුණා .එහිදී සේවා කාලය මෙන්ම සේවකයාගේ වැඩ හැකියාවන්ද සැලකිල්ලට ගත්තා. ඒ නිසාම රුපියල් 1500 සිට රුපියල් 7000 අතර පරාසයක වැටුප් වැඩිවීමක් සියලුම සේවකයන්ට ලැබුණා.

 

අපි අවුරුදු හතරක සේවා කාලය ඇති සියලුම සේවකයන්ව ස්ථිර කරන ලෙස ඉල්ලුවා. ඒත් දීර්ඝ කාලින කොන්ත්‍රාත් සේවකයින්ව අවුරුදු හතරක කාලයකින් හා කෙටිකාලීන සේවකයින්ව අවුරුදු පහක කාලයකිනුත් ස්ථිර කිරීමට එකග වුණා .

 

සේවා ගාස්තු කියන ඉල්ලීම අපි ඉල්ලපු විදියටම පළමු වසරේදී 25 % ක්ද, දෙවන වසරේදී 50 % ක්ද, තුන්වන වසරේදී 75 % ක්ද, හතරවන වසරේදී 100 % ක්ද, වශයෙන් ලබාදීමට එකග වුණා. ඒ වගේම කැඩුම් බිදුම් සදහා සේවා ගාස්තුවෙන් අඩුකිරීම් කිරීමේදී රෙදිපිළි ඉන් ඉවත් කිරීමටද එකග වුණා.

 

ප්‍රශ්නය – ඔබලාගේ ඉල්ලීම් අතර තිබුණා සාමුහික ගිවිසුමක් කියන කාරණය ඒ සම්බන්ධයෙන් ලැබුන ප්‍රතිචාරය කුමක්ද?

 

පිළිතුර -සාමුහික ගිවිසුමක් කියන කාරණයට ඔවුන් අකමැති නැහැ කිව්වා. එය දෙපාර්ශවයටම වාසි සහ අවාසි නැති එකක් විදියට දැක්කා. අපි ඉදිරිපත් කළ සාමුහික ගිවිසුම අධ්‍යයනය කරලා පිළිතුරක් ලබාදෙන බව කිව්වා.

 

ප්‍රශ්නය -පොදුවේ ලංකාවේ හොටල් සේවකයාගේ තත්ත්වය ඔබ කොහොමද දකින්නේ

 

පිළිතුර -වෘත්තිය සමිති තිබෙන තැන්වල බොහෝවිට සේවකයන්ට හොද තත්වයක් තියෙනවා. වෘත්තිය සමිති නැති තැන්වල සේවකයන් සම්බන්ධයෙන් තත්ත්වය හොදම නැහැ. දඹුල්ලේ සමහර විශාල හෝටල් ගත්තත් ඒවාහි සේවකයින්ගෙන් පැය 10 ක්‌ 15 ක්‌ වැඩ ගන්නවා අතිකාල නැහැ. සේවාමුරය ඉවර වුනත් එලියට යන්න දෙන්නේනැහැ. ඒ වගේම සමහර හෝටල්වල පිළිගත් ක්‍රමයකට නිවාඩු දෙන්නෙත් නැහැ. ඒ වගේම ගොඩක් හෝටල්වල සේවා ගාස්තු ගෙවීමේදී කැඩුම් බිදුම් කියලා සේවකයන්ට නොගෙවා තියාගන්නවා. ඇත්ත වශයෙන්ම ගත්තම රටේ දැනට පවතින කම්කරු නීති රීති බොහෝ ප්‍රමාණයක් හෝටල් ක්ෂේත්‍රය තුල ක්‍රියාත්මක නොවන ආකාරයක් තමයි දකින්නට තියෙන්නේ .

 

ප්‍රශ්නය – හෝටල් ක්ෂේත්‍රය තුල කම්කරු නීති රීති ක්‍රියාත්මක කරවා ගැනීම සදහා කළ යුත්තේ කුමක් කියලද ඔබ හිතන්නේ.

 

පිළිතුර – ඒ සදහා මුලික වශයෙන්ම කළ යුත්තේ රටේ සෑම හෝටලයකම පිළිගත් වෘත්තිය සමිතියක් පිහිටුවීම. සේවක අයිතිවාසිකම් සේවක නිදහස ආදිය දිනාගත හැක්කේ එවිටයි. ඒ වගේම මේ වෘත්තිය සමිති එකට එකතු වෙලා එක් බලයක් ලෙස සිටීමත් වැදගත්.

 

ප්‍රශ්නය – රජය පැත්තෙන් හෝටල් සේවකයා සම්බන්ධයෙන් කළ යුතු යමක් තිබෙනවද?

 

පිළිතුර -අපේ ක්ෂේත්‍රයේ වැටුප් සම්බන්ධයෙන් ගත්තම රජය හැමදාම කරන්නේ මුලික වැටුපට වැටුප් වැඩිවීමක් කිරීම පමණයි. ඉන් අවුරුදු 15 -20 සේවාකලයක් කාලයක් ඇති සේවකයන්ට සෙත සැලසෙන්නේ නැහැ. ඒ නිසා රජය ඒ ගැන අවධානය යොමු කළහොත් හොදයි.

 

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න (2)

  1. දඹුල්ලේ චන්ද්‍රසිරි සහෝදරයා, ඔබගේ උනන්දුව ගැන ස්තුතියි. විස්තර දැනගැනීමට 0712361264 දුරකථන අංකයෙන් දුම්කොළ ආහාර හා බීම සංගමයේ ප්‍රධාන ලේකම් මලවි සහෝදරයා අමතන්න. අප හා සම්බන්ධ වීමට කැමති සියලු දෙනාටම මෙම දු.ක අංකය හා සම්බන්ධ වී තොරතුරු ලබාගත හැකි බව කරුණාවෙන් සලකන්න.

    (0)(0)



    0



    0
  2. දඹුල්ලේ සේවකයෝත් සිනමන් ලොජ් අරගලය ගැන වැඩි විස්තර දැනගන්න උවමනාවෙන් ඉන්නේ. ආහාර බීම සමිතියට බැඳෙන්න විස්තර දන ගන්න උදවූ කරන්න පුලුවන්ද?

    (0)(0)



    0



    0

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435