පුත්තලම, කුරුණෑගල PHI වර්ජනය අඛණ්ඩව ඉදිරියට

වයඹ පළාතේ පුත්තලම හා කුරුණෑගල යන දිස්ත්‍රික්කවල මහජන පරීක්ෂකවරු ආරම්භකරන ලද වැඩ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

වර්ජනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා සඳහන් කළේ සිය සේවයේ සේවා උසස්වීම් ලබා නොදීම,ගමන් වියදම් ලබා නොදීම, සේවා ආවරණ දීමනා ලබා නොදීම ඇතුළු තවත් ගැටළු කිහිපයකට විසඳුම් ඉල්ලා මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

පසුගිය බ්‍රහස්පතින්දා දින සිට මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවත් වයඹ පළාතේ ඩෙංගු මර්දන කටයුතු , ජල සාම්පල පරීක්ෂාව, ආහාර වැටලීම්, පාසල් ළමුන්ට එන්නත් කිරීමේ කටයුතු ඇතුළු රාජකාරිවලින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මේ වන විට ඉවත්ව ඇති බවත් මහේන්ද්‍ර බාලසූරිය මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435