පුද්ගලික හා රාජ්‍ය අංශ කාර්යාල වේලාවන් වෙනස් කිරීමේ සූදානමක්

පුද්ගලික හා රාජ්‍ය අංශයන්හි කාර්යාල ආරම්භ කරන හා අවසන් කරන වේලාවන් සංශෝධනයට කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවී තිබේ.

ඒ අනුව රාජ්‍ය අංශයේ කාර්යාල ආරම්භ කරන වේලාව පෙරවරු 09.00 සිට පස්වරු 4.45 දක්වාත්, පුද්ගලික අංශයේ කාර්යාල පෙරවරු 09.45 සිට පස්වරු 06.45 දක්වාත් සංශෝධනය කිරීමට මේවන විට නිර්දේශ කර ඇත.

කොවිඩ් 19 වසංගත තත්ත්වය වළක්වා ගැනීම සඳහා සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම හා මාර්ග තදබදය වළක්වා ගැනීම හා රාජ්‍ය හා පුද්ගලික සේවය කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම අරමුණු ඇතිව මෙම වේලාවන් සංශෝධනය කිරීමට තීරණය කර තිබේ.

ජනාධිපතිවරයා විසින් දී ඇති උපදෙස් පරිදි ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ඒ සම්බන්ධව නිර්දේශ ඇතුළත් වාර්තාවක් සැකසීම සඳහා අතිරේක ලේකම් තිලකරත්න බණ්ඩා මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කරන ලදී.

එම කමිටුව විසින් පුද්ගලික හා රාජ්‍ය අංශයේ කාර්යාල ආරම්භ කිරීම හා අවසන් කිරීම සම්බන්ධව දැනට පවතින වේලාවන් සංශෝධනය කිරීම සඳහා සකස් කළ වාර්තාව අද දින (30) පෙරවරුවේ ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ගාමිණි සෙනවිරත්න මහතා විසින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත බාර දි තිබේ.

මෙම නිර්දේශ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත හා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින පැවැති මාධ්‍ය හමුවකදී අවධාරණය කළේය.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435