පුරප්පාඩු සම්පූර්ණ නොකිරීමෙන් පොලිසියේ අර්බුද

පොලිස්‌ දෙපාර්තමේන්තුවේ විවිධ තනතුරුවල පවතින පුරප්පාඩු 7000 කට ආසන්න ප්‍රමාණයක්‌ සම්පූර්ණ නොකිරීම ඇතුළු පොලිස්‌ නිලධාරීන්ට බලපාන ගැටලු රැසකට විසඳුම් ලබා දීමට ජාතික පොලිස්‌ කොමිසම කටයුතු නොකිරීම නිසා පොලිසිය තුළ දැඩි අර්බුදකාරී තත්ත්වයක්‌ නිර්මාණය වී ඇත.

පොලිස්‌ දෙපාර්තමේන්තුවේ විවිධ තනතුරුවල පවතින පුරප්පාඩු සම්පූර්ණ නොකිරීම නිසා පොලිස්‌ නිලධාරීහු දැඩි කලකිරීමට පත්ව සිටිති.

පොලිස්‌ දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු සම්පූර්ණ නොකිරීම පොලිස්‌ නිලධාරීන්ට උසස්‌වීම් ලබා නොදීම ඇතුළු ගැටලුවලට විසඳුම් නොදීම නිසා නිලධාරීහු රාජකාරි කිරීමේදී මන්දෝත්සාහී තත්ත්වයට පත්ව සිටිති. මෙම තත්ත්වය පාතාල මර්දනයට මෙන්ම අපරාධ රැල්ල මැනීමට ද බලපෑම් එල්ල කර ඇති බව පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග පවසයි. පොලිස්‌ දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු වහාම පිරවීමට කටයුතු කරන ලෙස ඉල්ලමින් පොලිස්‌පතිවරයා අවස්‌ථා කීපයකදීම ජාතික පොලිස්‌ කොමිසම වෙත ඉල්ලීම් කර ඇතත් මේ වන තුරු ඊට ප්‍රතිචාර ලැබී ඇත.

පොලිස්‌ දෙපාර්තමේන්තුවට අලුතින් නිලධාරීන් බඳවා ගැනීම, පොලිස්‌ නිලධාරීන්ට උසස්‌වීම් ලබාදීම, පොලිස් මාරුකිරීම් මෙන්ම පොලිසියේ විනය සම්බන්ධයෙන් කටයුතු කිරීමේ බලය ජාතික පොලිස්‌ කොමිසම සතුය. එහෙත් ජාතික පොලිස්‌ කොමිසම මේ සියලු ගැටලුවලට විසඳුම් ලබා නොදී පොලිසියට එරෙහිව ලැබෙන පෙත්සම් සහ පැමිණිලි පමණක්‌ විභාග කරන තත්ත්වයට පත්ව සිටින බව පොලිස්‌ මූලස්‌ථානය පවසයි. පොලිස්‌ දෙපාර්තමේන්තුවට ප්‍රමාණවත් නිලධාරීහු පිරිසක්‌ නොමැතිවීම නිසා දැනට සිටින නිලධාරීන් රාජකාරි කිරීමේදී දැඩි අපහසුතාවන්ට පත්වෙති.

පාතාල මර්දනය සඳහා පොලිස්‌ මාර්ග බාධක යෙදවීම, වැටලීම් ක්‍රියාත්මක කිරීම ඇතුළු අනෙකුත් රාජකාරි සඳහා දැනට සිටින පොලිස්‌ නිලධාරීන් කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග කියා සිටියි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435