පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු රැසක්

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු සඳහා කඩිනමින් නිලධාරීන් බඳවා ගැනීමට කටයුතු කරන බව එහි වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී.බී.මණ්ඩාවල මහතා ප්‍රකාශකර තිබේ.

හෙතෙම වැඩිදුරටත් කරුණු පැහැදිලි කරමින් දක්වා ඇත්තේ මෙම බඳවා ගැනීම් සම්බන්ධයෙන් රාජ්‍ය කළමනාකරණ දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කරමින් පවතින බවයි.

දැනට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අධ්‍යක්ෂවරුන් නව දෙනෙකු අනුයුක්ත කළ යුතු වුවත් අට දෙනෙකුගේ පුරප්පාඩු පවතින අතර සහකාර අධ්‍යක්ෂවරුන් 33 දෙනෙකු රාජකාරී කටයුතු සඳහා අවශ්‍ය වුවත් 29 දෙනෙකුගේ පුරප්පාඩු පවතින බව මණ්ඩාවල මහතා සඳහන් කරයි.

දැනට දෙපාර්තමේන්තුව තුළ පවතින පුරප්පාඩු සම්පූර්ණ නොවීම නිසා රාජකාරී කටයුතු නිසියාකාරව සිදුකර ගැනීමේදී බොහෝ අවස්ථාවල ගැටළුකාරී තත්ත්වයන් මතුවන බැවින් කඩිනමින් බඳවා ගැනීම් සිදු කිරීමට කටයුතු කරන බවත් ඒ මහතා වැඩිදුරටත් සදහන් කරයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න (1)

  1. Wasanthi says:

    Rajya kalamanakarana sahakara thanathurakata purappaduwak thibe nam meme ankyata calla akka denna puluwanda 0715302636 usaspela samath

    (1)(0)



    1



    1

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435