පුහුණුව අත්හිටුවන්න – නියෝජ්‍ය අධ්‍යක්‍ෂ

18 January 2014 – wedabima.lk

 

හෙදියන්ට සූතිකා පුහුණුව ලබාදීම තාවකාලිකව නතර කරන ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් (අධ්‍යාපන පුහුණු හා පර්යේෂණ) වෛද්‍ය සුනිල් ද අල්විස්‌ මහතා හෙද විදුහලේ විදුහල්පතිවරයාට උපදෙස්‌ දී ඇත.

 

සිසු හෙදියන්ට සූතිකා පුහුණුව ලබාදෙන ආකාරය පිළිබඳව සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ එක්‌ව ප්‍රතිපත්තිමය තීරණයකට එළැඹෙන බව ද වෛද්‍ය අල්විස්‌ මහතා හෙද විදුහල්පතිවරයාට දැනුම් දී ඇත.

 

මෙම ප්‍රතිපත්ති තීරණය දැනුම් දෙන තෙක්‌ හෙද සිසුන්ට සූතිකා පුහුණුව ලබා නොදීමට කටයුතු කරන්නැයි නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඉල්ලා ඇත.

 

මුලාශ්‍රය – divaina.com

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435