පොර්ට්සිටි සේවකයින් සිය ගණනකගේ රැකියා අහිමි කරලා

පසුගිය කොරෝනා වසංගත සමයේ නිවාඩු යැවූවද නැවත සේවයට නොගැනීම ගැන විරෝධය පළ කරමින් කොළඹ වරාය නගරයේ සේවක පිරිසක් ඊයේ (11)  වරාය නගරය අසළ උද්ඝෝෂණය කරමින් රැඳී සිටියේය.

මැතිවරණය අවසානයේ සාමාන්‍ය පරිදි සේවය සඳහා වාර්තා කළද තමන්ට වරාය නගර ප්‍රවේශයෙන් ඇතුලුවීමට ආරක්ෂක අංශ ඉඩ නොදුන් බව ඔවුහු පවසති.

මෙසේ සේවයෙන් ඉවත් කර ඇත්තේ රියදුරන්, වැඩ පරික්ෂකවරුන් සහ කම්කරුවන් ඇතුළු 150 දෙනෙකු පමණ සේවක පිරිසකි. මෙම සේවක පිරිස වසර 2 – 5 අතර කාලයක් අදාළ සමාගමේ ව්‍යාපෘතියෙහි සේවය කළ අය වෙති.

කම්කරු කොමසාරිස් හමුවී කළ සාකච්ඡාවකදීද සාධාරණයක් නොවුණු බව පවසන එම සේවක පිරිස, චයිනා හාබර් සමාගම මේ ආකාරයෙන් අත්තනෝමතිකව කටයුතු කරන්නේ මේ රට චීන්නුන්ට යට වී ඇති නිසාදැයි ප්‍රශ්න කරති.

මූලාශ්‍රය – ද ලීඩර්

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435