පොරොන්දු වූ පරිදි රැකියා ඉල්ලා උපාධිධාරීන් ආණ්ඩුවට අවි අමෝරයි

වත්මන් යහපාලන ආණ්ඩුව විසින් උපාධිදාරීයාට රැකියා ලබාදීමේ දී බාහිර සහ අභ්‍යන්තර ලෙස වර්ගීකරනයට එරහිව දැවැන්ත අරගලයක් ආරම්භ කර ඇති අතර එයින් මේ වනවිට යම් මට්ටමකින් ජයග්‍රහණයක් ලබාගෙන ඇති බව බාහිර උපාධිය සුරකීමේ සංවිධානය සදහන් කරයි…

ඊයේ (21) කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වමින් මෙම සංවිධානයේ කැදවුම්කරු මහේෂ් අබේපිටිය මහතා මේ බව අවධාරණය කරන ලදි…

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා…

රනිල් මෛත්‍රි හවුල් ආණ්ඩුව දිගින් දිගටම බාහිර උපාධිදාරීයා දැඩි අර්බුදකාරී ගැටළු රාශියකට තල්ලුකරමින් සිටිනවා…මේ හෙයින් අප බාහිර උපාධිය රැකගැනීම උදෙසා දැවැන්ත අරගලයකට පනපොවමින් සිටිනවා..

මෙහි එක් සාධනීය පියවරක් ලෙස  බාහිර උපාදිධාරීන් ට රැකියා ලබා නොදීම සම්බන්ධව ඊයේ (20) දින අග්‍යාමාත්‍ය කාර්යාලයේ දී සාකච්ඡාවක් පැවැත්වුවා.. මෙම සාකච්ඡාව සදහා අගමැති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා, අගමැති ලේකම්, අගමැති සම්බන්ධිකරන ලේකම්, ආර්ථික කටයුතු අමාත්‍යංශයේ ලේකම් අසංක දයාරත්න යන අය සම්බන්ධ වුනා.

මෙම සාකච්ඡාවේ දී ලබන මස 02 සහ 03 යන දිනවල 2012 වර්ෂයේ සිට වර්ෂ අනුව රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදීමට පොරොන්දු වුනා .මේ අනුව පොරොන්දු වු පරිදි රැකියා ලබා දීමට යහපාලන ආණ්ඩුව අපොහොසත් වුවහොත් අපි සැප්තැම්බර් 04,05 දින වල සිට අඛන්ඩ අරගලයක් ආරම්භ කරනවා.

විශේෂයෙන්ම කියන්න ඕන මේ වනකොට අපිට නැතිවෙන්න දෙයක් නෑ, රෙද්දක් ඇදන් පාරේ යන්න බැරී මට්ටමට මේ ආණ්ඩුව අපව පත්කරලා අවසන්. ඒ නිසා ජනාධිපති තුමාටත් අගමැති තුමාටත් අපි තරයේ කියනවා අපිට දැන් පල්ලයාට යන්න අලත් නෑ , උඩට එන්න දළුත් නෑ…ඒ නිසා පොරොන්දු වුන විදිහට රැකියා දෙන්න නැත්තම් උය මහත්වරුන්ගේ ඔය ආයතනවල ගේට්ටු පරිස්සන් කර ගන්න මොකද අපි නැවතත් එනේනේ යන්න නෙමේ ඔය තැන්වල පදිංචි වෙන්නයි අපි එන්නේ.

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න (7)

  1. Author says:

    උසස් ජාතික ගනකාදී කරන paatamalawa එස්. එල් .kiwu .එෆ් 4 නිසා samaharawita යු ජී c එක අනුමත කරන්නේ නැතුව Athi

    (0)(0)



    0



    0
  2. Author says:

    ඔබ තුමන්ලාට ජය වේවා තව තවත් ශක්තිය ලැබේවා

    (0)(0)



    0



    0
  3. Author says:

    උස්සස් ජාතික ගනකදිකරන : කරපු අයට සදාරණයක්
    කරන්න නැද්ද?

    (0)(0)



    0



    0
    • Author says:

      උසස් ජාතික ගනකාදී කරන paatamalawa එස්. එල් .kiwu .එෆ් 4 නිසා samaharawita යු ජී c එක අනුමත කරන්නේ නැතුව Athi

      (0)(0)



      0



      0
  4. Author says:

    කතාව ඇත්ත රෙද්දක් අඩන දැන් පාරේ යන්න බ අපට මොකද ආණ්ඩුව ජොබ් දෙනවා හම්බුනේ නැද්ද අහනවා කාටද මේවා කියන්නේ මට්‍රනම් දැන් ඇති වෙලා විස්තර කරලා ලජ්ජිඉ

    (1)(0)



    1



    0
    • උසස් ජාතික ගනකදී කරන පටමලාවේ මොකක්ද එස් ,එල් .කීයන්නේ ?යු ජී සී එකෙන් අපිට සහතික දීලා තීයෙනවා බී .කොම් වලට සමාන උපාදියක් බවට..එහෙම තිබිලත් අපිව ඉවත් කීරීම පිළිබද සදරණද?

      (0)(0)



      0



      0
    • අපි 2008 උස්ස ජාතික ගනකදිකාරී පටමලවට එතුලත් උනේ.2012 අපි උපාදිය සම්පුර්ණ කරා.අපි ජොබ් වලට අයදුම් කරලා පත්වීම් ගන්න යනකොට එච්.එන් .ඩී. අයව ඉවත් කිරීම සදරණද?සේවා විවස්ථාවේ අපිව් එතුලත් කරා නොමතළු..මේවගේ තීන්ද්දු ගැනීමේදී පටමලවල් සම්පුර්න කරපු සිසුන් හට සිදු කරන අසදරණය කුමක්ද?අපිට වෙන විකල්පයක් නොමැති නිසා ඩී .ඔ දැම්මේ එකෙනුත් අපිව ඉවත් කිරීම සදරණද? අපි හට කාරුණිකව මෙම දුක් ගැනවිල්ල පිළිබද සදරනයක් ඉටු කරනු මැනවි ..

      (0)(0)



      0



      0

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435