පොල් අලුවා

අවශ්‍ය ද්‍රව්‍ය

ගා ගත් පොල් 500g
සීනි 1kg
කජු කැබලි 100g
කරඳමුංඟු කුඩු තේ හැඳි ½
කැමති වර්ණකයකින් බිංදුවක් දෙකක් පමණ

සාදන ආකාරය

පොල්වලට වතුර දමා කිරි කෝප්ප 02ක් මිරිකා ගන්න.දැන් කිරි ටික ලිප තබා එයට සීනිද එකතු කර හැදි ගාමින් උනු කරන්න.දැන් පොල් ටිකද දමා මඳ ගින්නේ පිස ගන්න.මිශුණය තැම්බී ගොරෝසු වී ගෙන එන විට කජු කැබලි ද කරඳමුංඟු කුඩු ද වර්ණක ද එකතු කරමින් හොදට කලවම් කරන්න.තෙත ගතිය අඩුවී මිශුණය ගුලි ගැසෙන පදමට ආ විට බටර් ගාගත් තැටියක දමා තුනී කර කෑලි කපා ගන්න.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න (1)

  1. Author says:

    පොල් කිරි වලට වෙනම පොල් අවශ්‍ය ද?

    (1)(0)



    0



    0

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435