බගවන්තලාව වතුකම්කරුවෝ උද්ඝෝෂණයක

නොර්වුඩ් වතු සමාගමට අයත් යැයි කියන නොර්වුඩ් ග්ලැන්කන් ප්‍රදේශයේ හෙක්ටයාර් ½ ක පමණ වන වගා භූමියක් ගිනිගත්හේන  ප්‍රාදේශීය ලේකම්වරයා ගැසට් නිවේදනයක් මගින් අත්පත් කර ගැනීමට එරෙහිව එම වතු සමාගමේ වතු කම්කරුවෝ උද්ඝෝෂණයක් ඇරඹුහ.

හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ දික්ඔය මුලික රෝහල ඉදිරිපිට කාසල්රි ජලාශයට යාබදව පිහිටි එම ඉඩමට පිවිසෙන මාර්ගය අවහිර කරමිනුයි අද (6) උදෑසන සිට වතු කම්කරුවන් උද්ඝෝෂණයක නිරතව සිටියි.

එම වතු සමාගමට අයත් නොර්වුඩ් , නිවිවෙලි , රොක්වුඩ් ,ග්ලැන්කන්  යන වතුවල වතු කම්කරුවන් වැඩ වර්ජනය කරමින් මෙසේ උද්ඝෝෂණයක නියැලී සිටියි.

තමන් වසර ගණනාවක් තේ දළු නෙළු එම ඉඩම මේ වන විට වතු සමාගම විසින් යුකෙලෙප්ස්ටික් වන වගාවක් සිදුකර ඇති බවත් , ඉඩම් කැබැල්ලක් හෝ නොමැති තමන්ට ඉඩම් කැබැල්ලක් ලබා නොදි තම වතුයායේ ඉඩම් ගිනිගත්හේන  ප්‍රාදේශීය ලේකම්වරයා විසින් පිටස්තර අයට ලබා දිමට කිසිසේත් ඉඩ ලබා නොදෙන බවයි උද්ඝෝෂණයේ නියැලි වතු කම්කරුවෝ පැවසුහ.

මූලාශ්‍රය – ලංකාදීප

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435