බරඋසුලන්නන් (නටාමිවරුන්)  හා ධීරවයින් සංවිධානය වෙති

අවිධිමත් අංශයේ කම්කරුවන් සංවිධානය කිරීමේ වැඩසටහනක් පුත්තලම නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්විණි. මෙහිදී “මුල්ලිපුරම් ග්‍රාමීය ධීවර සමිතියේ” සහ “පුත්තලම නාට්ටාමි සංගමයේ” සාමාජිකයින් සමග අවිධිමත් ආර්ථිකය සහ වෘත්තීය සමිතියක් ගොඩනැගීමේ වැදගත්කම පිලිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී.

එහිදී ධීවර සමිතියේ සමාජිකයින් 150ක් පමණ සමාජිකත්වය දරණ අතර දැල් සහ බෝට්ටු එන්ජින් හිඟකම ඇතුළු ගැටලු රැසක් මැද අසීරුවෙන් රැකියාව සිදු කරගෙන යනු ලබන බවත්, මේ පිළිබඳව දිගින් දිගටම තම ගැටළු සම්බන්ධයෙන් ධීවර අමාත්‍යංශයට සහ වගකිවයුතු බලධාරීන් හට යොමු කළ ද ඒවාට මෙතෙක් යහපත් පිළිතුරුක් නොමැති බවත් සඳහන් කරන ලදි.

මේ වන විට අක්‍රීයව පවතින පුත්තලම නාට්ටාමි සංගමය වසර 20ක් පමණ පැරණි  වෘත්තීය සමිතියක් වන අතර අසීරුවෙන් තම රැකියාව හා ජීවිතය ගැටගහ ගන්නා බවත්,  50ක පමණ නාට්ටාමි රැකියාවේ නියුතු බවත් සඳහන්කරන ලදි. තම රැකියාව සිදු කරගෙන යාමේදී  මුහුණ පෑමට සිදුවන නෛතික සහ සමාජයීය ගැටළු රැසක් ඇති බව මෙම සාකච්ඡාවේදී ප්‍රකාශ කරන ලදි.

මෙම සංගමය සොලිඩරිටි ආයතනය සහ ප්‍රොටෙක්ට් වෘත්තීය සමිතිය සමග එක්ව වෘත්තීය සමිතියක් ලෙස ඉදිරියට කටයුතු කිරීමත්, වෘත්තීය සමිතිය විසින් සිදු කරගෙන යනු ලබන අවිධිමත් අංශයේ කම්කරුවන් හට ඊ.ටී.එෆ් අරමුදලේ සාමාජිකත්වය ලබා දීම හා එහි ප්‍රතිලාභ පිළිබඳව ද සාකච්ඡා කරන ලදී.

කල්ප මධුරංග – වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435