බලහත්කාර ශ්‍රමය පිළිබඳ සම්මුතියට අදාළ මුලලේඛය කැබිනට් මණ්ඩලයෙන් නැවත අපරානුමත කරයි

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ 1930 අංක 29 දරන බලහත්කාර ශ්‍රමය පිළිබඳ සම්මුතිය ශ්‍රී ලංකාව විසින් 1950 වර්ෂයේදී ද, 1957 අංක 105 දරන බලහත්කාර ශ්‍රමය අහෝසි කිරීම පිළිබඳ සම්මුතිය 2003 වර්ෂයේදී ද ශ්‍රී ලංකාව විසින් අපරානුමත කරනු ලැබ ඇත.

ලිංගික කටයුතු සඳහා බලහත්කාරී ශ්‍රමය යෙදවීම, ළමා ශ්‍රමය, නූතන වහල්භාවය සහ කූට්ටනය කිරීම (trafficking) ඇතුළු බලහත්කාර ශ්‍රමය යෙදවීම පිළිබඳව ප්‍රවණතා සැලකිල්ලට ගෙන, 1930 අංක 29 දරන බලහත්කාර ශ්‍රමය පිළිබඳ සම්මුතියට අමතර ප්‍රතිපාදනයක් වශයෙන් 2014 වර්ෂයේදී බලගහත්කාර ශ්‍රමය පිළිබඳ සම්මුතිය සඳහා අංක 29 දරන මුලලේඛය සම්මත කරනු ලැබ ඇත.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ දැනට පවත්නා නෛතික රාමුව එම මූලලේඛය මගින් දක්වා ඇති යෝජනාවලට සමපාත වන අයුරින් 1930 බලහත්කාර ශ්‍රමය පිළිබඳ සම්මුතියට අදාළ වන 2014 අංක 29 දරන මූලලේඛය අපරානුමාත කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ නොවන කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යවරයා විසින් කර ඇති ඉල්ලීම අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන් මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව 2019. 03. 06 දින  අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435