විගමණික ශ්‍රමිකයින්ගේ දුවා දරුවන්ට කාර්යාංශයෙන් ප්‍රතිලාබ

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් විදේශ රැකියාවල නිරතව සිටින ශ්‍රමිකයින්ගේ දූදරුවන් වෙනුවෙන් වාර්ශිකව ප්‍රදානය කරන විගමණික දූදරු ශිෂ්‍යත්ව වැඩසටහනේ බස්නාහිර පළාත් වැඩසටහන 2020.02.14 දින අරලිය ගහ මන්දිරයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. මෙහි ප්‍රධාන ආරාධිතයා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහභාගිවීමට නියමිතය.

මෙහිදී දරු දැරියන් 734 දෙනෙකු සදහා රු.18,505,000.00 ක වටිනාකමකින් යුත් ශිෂ්‍යාධාර ප්‍රදානය කරනු ලැබේ.

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවන් 175 දෙනෙකු වෙනුවෙන් රු.20,000 බැගින් රු.3,500,000.00ක ශිෂ්‍යාධාර ද, අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සමත් දරුවන් 456 දෙනෙකු සදහා රු.25,000 බැගින් රු.11,400,000.00 ක ශිෂ්‍යාධාර ප්‍රදානය කරනු ලැබේ. එසේම විශ්ව විද්‍යාල සුදුසුකම් ලැබූ දරුවන් 103 දෙනෙකු සදහා රු.35,000 බැගින් 3,605,000.00 ක ශිෂ්‍යාධාර ප්‍රදානය කිරීමට නියමිතය.

ඒ අනුව 2019 වර්ෂය තුළදී දිවයිනේ පළාත් 9ම ආවරණය කරමින් විගමණික ශ්‍රමිකයින්ගේ දූ දරුවන් 3489 දෙනෙකු සදහා රු.87,265,000.00 ක වටිනාකමකින් යුත් ශිෂ්‍යත්ව කාර්යාංශය මගින් ප්‍රදානය කර තිබේ.

කාර්යාංශය මගින් එහි ලියාපදිංචි වී විදේශ රැකියා සදහා ගොස් සිටින ශ්‍රමිකයින්ගේ දූදරුවන් සදහා 1996 වර්ෂයේ සිට වසර 23ක කාලයක් මුළුල්ලේ මෙම ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන අතර, එතැන් සිට මේ දක්වා දරුවන් 44832 දෙනෙකු සඳහා රු.897,425,000.00 ක මුදලක් ශිෂ්‍යත්ව වශයෙන් පිරිනමා තිබේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435