බස් රථයකට මින්පසු සේවකයෝ 4-5යි

කුමන ඇමතිවරයෙකු පත්වුවද ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට දේශපාලන පත්වීම් ලෙස සේවකයන් පිරවීමට නොහැකිවන පරිදි නීති සකස්කර ඇති බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන පවසයි.

ගමන මණ්ඩලයේ සභාපතිවරයා ඒ බව කියා සිටියේ කොළඹදී පැවැත්වෙන තිරසර ලංකා ජාතික ප්‍රදර්ශනය අතරතුර බීබීසී සිංහල සේවයට අදහස් දක්වමිනි.

2015 වසරේ ශ්‍රී ලංගමේ බස් රථයකට සේවකයන් 7 දෙනෙකු සිටි බව පැවසූ සහපතිවරයා මින් පසු එම සේවක සංයුතිය බස්රථයකට සේවකයන් 4.5ත් – 4.75ත් අතර ප්‍රමාණයක් වනු ඇති බව පෙන්වා දුන්නේය.

“අපි සහ මහා භාණ්ඩාගාරය සාකච්ඡා කරපු සේවක සංයුතියක් හදලා තියෙනවා, කවුරු ඇමති වුනත් ඉදිරි කාලයේදී සේවකයන් පුරවන්න හැදුවත්, ඒ සේවක සංයුතියෙන් පිටතට යන්න බැහැ”

ස්වේච්ඡා සේවක විශ්‍රාම යාමේ වැඩපිළිවෙල යටතේ මේවන විට සේවකයන් විශ්‍රාම යාමත් සමග සේවක සංඛ්‍යාව 30,000 දක්වා අඩුකරගැනීමට හැකිව ඇති බව ඔහු පැවසුවේය.

රජයට සහ මහා භාණ්ඩාගාරයට බරක් නොවී මෙම ආයතනය පවත්වාගෙන යාම තම අරමුණ බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන වැඩි දුරටත් කියා සිටියේය.

ඉදිරි වසර පහ තුළ නව වායුසමීකරණය කළ සුඛෝපභෝගී බස් රථ 500ක් ආනයනය කිරීමට තීරණය කර ඇති බව පැවසූ ශ්‍රී ලංගම සභාපති රමාල් සිරිවර්ධන CCTV හා GPS තාක්ෂණය යොදා ගෙන බස් රථ සේවය කාර්යක්ෂම කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව පෙන්වා දුන්නේය.

මූලාශ්‍රය – bbc

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435