බහරේන් රාජ්‍යයට ඇතුළුවන්නන්ට PCR පරීක්ෂණය අනිවාර්යයි

ජූලි 21 අගහරුවාදා පෙ.ව.12.00 සිට බහරේන් රාජ්‍යයට අතුළුවන සියළු සංක්‍රමණිකයින් තමන්ගේ මුදලින් බහරේන් ඩිනාර් 30 ක් ගෙවා කොරෝනා වෛරස රසායනාගාර පරික්ෂණයට බහරේන් ජාත්‍යන්තර ගුවන්තොටුපලදී ලක් විය යුතු බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර ඇත.

රසායනාගාර පරීක්ෂණය සඳහා ගෙවීම් (be aware Bahrain) යන අයදුම්පත මඟින් බහරේන් රාජ්‍යයට පිටත්වීමට ගුවන්යානයට ගොඩවීමට පෙර සිදු කිරීමේ පහසුකම් ද සලසා ඇත.

මීට අමතරව, බහරේන් ජාත්‍යන්තර ගුවන්තොටුපලෙහි පිහිටා ඇති කවුළු මඟින් එරටදී ගෙවීම් කටයුතු සිදු කළ හැකි බව ද දන්වා සිටියි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435