බාලා තම්පෝ දිවියෙන් සමුගනී

01 සැප්තැම්බර් 2014 – wedabima.lk

 

ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරයේ කැපී පෙනුණු චරිතයක් වූ වෙළඳ කාර්මික හා පොදු කම්කරු සංගමයේ නායක, ප්‍රධාන ලේකම් බාලා තම්පෝ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

 

මිය යන විට 92 වැනි වියේ පසුවූ ඔහු සුළු අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද දහවල් 3.15ට පමණ ජීවිතක්ෂයට පත්වූ බව වෘත්තීය සමිති ව්‍යාපාරයේ ප්‍රකාශකයෙක් වැඩබිමට පැවසීය.

 

අවසන් කටයුතු ලබන සිකුරාදා (06) බොරැල්ල සුසාන භූමියේදී සිදුකිරීමට කටයුතු යොදා ඇත.

 

බාලා තම්පෝ මහතාට වැඩබිමේ ආචාරය !

 

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435