බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රය සම්බන්ධව ලංකා බැංකු සේවක සංගමය මුදල් රාජ්‍ය ඇමතිවරයා සමග සාකච්ඡාවක

මුදල් හා ප්‍රාග්ධන වෙළෙදපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සමග බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රය සම්බන්ධ විශේෂ සාකච්ඡාවක් (28) දින ලංකා බැංකු සේවක සංගමය විසින් සිදු කරන ලදී.

කොවිඩ්-19 ආපදා තත්ත්වයෙන් පසු බැංකු පද්ධතිය මුහුණ දී ඇති තත්ත්වය, වත්මන් රජය යටතේ බැංකු පද්ධතිය තුලින් අපේක්ෂිත කාර්යභාරය, රටේ ආර්ථික වර්ධනය උදෙසා දියත් කළ යුතු කෙටිකාලීන හා දීර්ඝකාලීන සැළසුම් පිළිබඳව අමාත්‍යවරයා විසින් එහිදී පැහැදිලි කිරීම් කළහ.

බැංකු ක්ෂේත්‍රයේ අහිවෘද්ධිය හා සුරක්ෂිත බව වෙනුවෙන් හා එහි සේවක ප්‍රජාවේ ආරක්ෂාව වෙනුවෙන් නිරන්තරයෙන් කැපවූ වෘත්තීය සංගමයක් ලෙස බැංකු පද්ධතිය ඉහත අරමුණු ජය ගැනීම සදහා මෙහෙයවිය යුතු ආකාරය පිළිබඳව ලංකා බැංකු සේවක සංගමයේ අදහස්  අමාත්‍යවරයා වෙත ලබා දුන්හ. ඒ පිළිබදව ලංකා බැංකු සේවක සංගමය විසින් සකස් කල ලේඛන කීපයක් රාජ්‍ය අමාත්‍යවරයා හට එම අවස්ථාවේදි පිළිගන්වන ලදී.

මෙහිදී ලංකා බැංකුවේ කොන්ත්‍රාත් සේවකයින් වසර දෙකෙන් ස්ථිර නොකිරීම නිසා පවතින අර්බුදය ද ඇමතිවරයාගේ අවධානයට යොමු කරන ලදී.

මීට අමතරව SMIB, HDFC, SDB යන විශේෂ බලපත්‍රලාභී බැංකුවල තත්ත්වයන් සම්බන්ධවද සාකච්ඡා කරන ලදී.

මෙම අවස්ථාවට ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් සේනානායක මහතා, උප භාණ්ඩාගාරික එච්.එම්.පී.බී හේරත් මහතා ඇතුළු ලංකා බැංකු සේවක සංගමයේ නිලධාරීන් පිරිසක් සහභාගී විය.

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435