බෙන්තොට ටාජ් තරු පහේ හෝටලේ චන්දය, සමිතිය 98%කින් ජයගනී !

ටාජ් හෝටල් සමූහයට අයත් ශ්‍රී ලංකාවේ පිහිටි ප්‍රධාන පෙලේ අති සුපිරි තරු පහේ හෝටලයක් වන “විවන්තා බයි ටාජ් – බෙන්තොට” Vivanta by Taj, Bentota හෝටලයේ වෘත්තීය සමිති පිළිගැනිම නීතියෙන් අනිවාර්ය කරනු පිණිස, කාර්මික ආරවුල් පනතට අනුව කම්කරු කොමසාරිස් දෙපාර්තමේන්තුව විසින් ඊයේ (03) දිනයේ පැවති ජනමත විචාරණයෙන් ආහාර, බීම, දුම්කොළ හා කර්මාන්ත සේවක සංගමය (FBTIEU) විශිෂ්ඨ ජයග්‍රහණයක් වාර්තා කර ඇත.

චන්ද ප්‍රතිපලය    

චන්ද හිමි සමස්ත සේවක සංඛ්‍යාව    196

චන්දය භාවිතා කල සංඛ්‍යාව           186 

සංගමයට පක්ෂව චන්ද සංඛ්‍යාව       182 

සංගමයට විරුද්ද චන්ද සංඛ්‍යාව         3 

ප්‍රතික්ෂේපිත චන්ද සංඛ්‍යාව              1 

ඉහත ප්‍රතිපල අනුව චන්දය භාවිතා කල සේවකයින්ගෙන් 97.8% ක්ද, චන්දය  භාවිතා කළ හා නොකළ සියලු සේවකයින්ගෙන් 92.85% ක චන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් අති විශිෂ්ඨ ජයග්‍රහණයක් අත්කර කරගැනීමට ආහාර, බීම, දුම්කොළ හා කර්මාන්ත සේවක සංගමය (FBTIEU) සමත්ව ඇත. එමනිසා සාමුහික කේවල් කිරීම සඳහා නීතියෙන් නියම කොට ඇති 40% සීමාව ඉතා පහසුවෙන් ඉක්මවා යාමට සංගමයට හැකිවීම පදනම් කරගනිමින් කළමනාකාරිත්වයට දැන් එම වෘත්තීය සමිතිය පිළිගැනීමට සිදුව තිබේ.

නියත පරාජය හමුවේ චන්දයට පෙරදින දී චන්දය කල් දමා ගැනීමට සේවායෝජක පාර්ශවය කම්කරු දෙපාර්තමේන්තුවෙන් කල ඉල්ලීම් ඉවත දැමුණු අතර, ජනමතවිචාරණයට අදාළ සියලු කටයුතු කම්කරු දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශය විසින් සිදු කෙරිණි.

2016 වසර අගදී පිහිටවූ ආහාර, බීම, දුම්කොළ හා කර්මාන්ත සේවක සංගමයේ (FBTIEU) “බෙන්තොට ටාජ් විවන්තා” ශාඛාව පිළිගැනීම ටාජ් හෝටල් සමූහය මගහැර සිටීමට අමතරව සංගම් සාමාජිකයින් දැඩි ඍජු හා වක්‍ර පීඩනයන්ට භාජනය කල අතර අවසානයේදී සේවා යෝජකයා දිගින් දිගටම සමිතිය පිළිනොගැනීම නිසා කම්කරු දෙපාර්තමේන්තුව මැදිහත්වී ජනමත විචාරණයක් පැවැත්වීමට කටයුතු යෙදිනි.

මෙම චන්ද ප්‍රතිපලයෙන් අනතුරුව බෙන්තොට ප්‍රදේශයේ හෝටල් ගණනාවක සේවකයින් ආහාර, බීම, දුම්කොළ හා කර්මාන්ත සේවක සංගමයට (FBTIEU) බැඳීමට ඊයේ රාත්‍රියේ සිටම සාකච්ඡා පැවැත්වීම ආරම්භ කර ඇති බව වාර්තාවේ. චන්දය පැවැත්වෙන අතරතුර සිටම අවට හෝටල් වලින් සමිතියට බැඳීම සඳහා හෝටල් සේවකයින් විමසුම් කරමින් සිටින බව ද දැනගන්නට ඇත. මේ පිළිබඳව සාකච්චා කිරීම සඳහා සහ හෝටල් සේවකයින්ට අදාළ මූලික කම්රු නීති රීති පැහැදිලි කිරීම පිණිස විශේෂ සාකච්ඡාවක් හා ප්‍රසිද්ධ රැස්වීමක් අවට හෝටල් සේවකයින්ගේ ප්‍රධානත්වයෙන් බෙන්තොට ප්‍රදේශයේ දී ඉදිරි සති කිහිපය තුලදී  පැවැත්වීමට සංගමයේ විවන්ටා ටාජ් ශාඛාව කටයුතු සූදානම් කරමින් සිටින බවත් වැඩි විස්තර 071 236 1264 දුරකථන අංකය හරහා ලබා ගත හැකි බවත්  සංගමයේ ප්‍රකාශකයෙකු වැඩබිම හා පැවසීය.

මෙම වසරේ මැයි මසදී ආහාර, බීම, දුම්කොළ හා කර්මාන්ත සේවක සංගමය (FBTIEU) විසින් ජෝන් කීල්ස් හෝටල් සමූහටය අයත් තවත් තරු පහේ හෝටලයක් වන “සිනමන් බේ” Cinnamon Bey හොටලයේදීද ඉතා විශිෂ්ඨ ලෙස ජනමතවිචාරණයක් ජයගෙන සාමූහික ගිවිසුමක් අත්සන් කරගැනීමට අවශ්‍ය කටයුතු දැන් සිදු කරමින් සිටි.

FBTIEU සංගමය ශ්‍රී ලංකාවේ හෝටල් ක්ෂේත්‍රයේ විශාලතම සමිති නියෝජනයක් සහිත රට පුරා ප්‍රධාන හෝටල් 20 කට අධික සංඛ්‍යාවක සාර්ථකව ශාඛා පිහිටුවා පිළිගැනීම් තත්වය උසුලමින් සිටින සේව්‍ය සේවක සම්බන්ධතා හැසිරවීමේදී සුවිශේෂී වෘත්තීය නිපුණතාවයක් ක්‍රියාවෙන් තහවුරු කොට පෙන්වා ඇති සංගමයකි.     FBTIEU සංගමය දැනට යාල, හික්කඩුව, ඉඳුරුව, අහුන්ගල්ල, බෙන්තොට, අළුත්ගම, බේරුවල, කළුතර, වාද්දුව, මහනුවර, දඹුල්ල, හබරණ, ත්‍රිකුණාමලය යන සංචාරක කලාපවල හෝටල් නියෝජනය කරයි. 

FBTIEU සංගමය මාලදිවයින් රාජ්‍යයේද හෝටල් සමිති ව්‍යාපාරයක් ගොඩනැගීම උදෙසා එරට සමිති ශක්තිමත් කිරීම සඳහා මෙන්ම සමිති ක්‍රියාකාරිකයින් පුහුණු කිරීම සඳහාද  සුවිශාල කාර්යභාරයක් ඉටුකළේය. මෙහි ප්‍රතිපලයක් ලෙස මාලදිවයිනේ සුප්‍රසිද්ධ හෝටල් ගණනාවක සමිති පිහුටවාගෙන සාර්ථකව කටයුතු කිරීමට එරට කම්කරු ව්‍යාපාරයට හැකි විය.

මෙම සංගමය මේ දිනවල හෝටල් සේවකයින්ගේ සේවා ගාස්තුව EPF, ETF දායකත්වය සඳහා එකතු කරවනු පිණිස අවශ්‍ය නෛතික සංශෝධන සිදු කිරීමේ කාර්යය කම්කරු, වෘත්තීය සමිති සබඳතා හා සබරගමු සංවර්ධන අමාත්‍යංශය සමග සිදු කරමින් සිටි. මේ පිලිබඳ රැස්වීම් වට කිහිපයක්ම පසුගිය දිනවල සංගමයේ මෙහෙයවීමෙන් අමාත්‍යංශ ලේකම් වරයා විසින් කැඳවනු ලැබිණි.

වැඩබිම

 

සබැඳි ලිපි

ජෝන් කීල්ස්  “Cinnamon Bey” ඡන්දය, FBTIEU සමිතිය 90%කින් ජය ගනී

 

 

 

 

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න (1)

  1. Sarath says:

    ඔහොම යන්... ඔහොම යන්.....!

    (0)(0)



    0



    0

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435