බෝනොවන රෝග පිළිබඳව පාඨමාළාවක්

සෞඛ්‍ය අමාත්‍යාංශයේ, ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියේ මෙහෙයවීමෙන් රෝහල් සහ වෛද්‍ය ඒකක වල වෛද්‍යවරුන් සඳහා දුරස්ථ ඉගෙනීම් පාඨමාලාවක් ඇරඹේ.කොළඹ විශ්ව විද්‍යාලයේ, වෛද්‍ය පශ්චාත් උපාධි ආයතනයේ කොටා පාරේ, රොඩ්නි වීදියේ පිහිටා ඇති අධ්‍යයන පුහුණු මධ්‍යස්ථානයේදී (2020.02.24 සඳුදා) මෙම  පාඨමාලාවේ සමාරම්භක සැසිය පැවැත්වේ.

රෝහල් සහ වෛද්‍ය ඒකකවල කාර්ය මණ්ඩල 100 සංඛ්‍යාවක් සඳහා පළමු වටයේදී අවස්ථාව ලබා දෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ, ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි (දුරකතනය – 0714398201) .

මොඩියුල 06 ක් යටතේ ඉගැන්වීම් කටයුතු සිදුවන අතර අධි රුධිර පීඩනය, පිළිකා,දියවැඩියාව ඇතුලු රෝග රාශියක් වලක්වාගැනීමේ නව ක්‍රමවේද මෙහිදී පර්යේෂණාත්මකව පැහැදිලි කෙරේ. දුර බැහැර ප්‍රදේශවල සිටද වෛද්‍යවරුන් විශාල පිරිසක් හෙට සිට මෙම පුහුණුවට සහභාගී වේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435