මගී ප‍්‍රවාහන සේවා ඇරඹීමත් සමග කොරෝනා ආසාදනයෙන් ප්‍රවේසම් වෙමු

ශී‍්‍ර ලංකාව තුල මේ වන විට කොරෝනා ආසාදන තත්වය යමි මටිටමතට පාලනය වීමත් සමග නවතා තිබූ අන්තර් පළාත් මගී ප‍්‍රවාහන සේවා නැවත ඇරඹීමට තීරණය නොට ඇතග රෝගය පාලනය වී තිබුණත් තුරන් වී නොමැති බැවින් සෞඛ්‍යමත් චර්යාවන් අනුගමනය නොකලහොත් පලාත්වලට සීමා වී සිටි ජනතාව සංචරනය ආරමිභ වීමත් සමග නැවත හිස එසවීමේ අවදානමක් ඇත.

ඔබගේ ප‍්‍රවාහන පහසුකමි සලසා ගැනීමේදී අත්‍යාවශ්‍ය කාරණා සදහා පමණක් වෙනත් පළාත්වලට යාම, වයස්ගත පුද්ගලයින්, රෝගීන්, ගර්භනි මවවරුන් හා අවුරුදු 5 ට අඩු දරුවන් හැකි තරම් සංචරණයෙන් වැළකි සිටීම කළ යුතු අතර හැකි සෑම විටම තමන්ගේ පෞද්ගලික වාහන ඒ සදහා යොදා ගැනීමද වැදගත් වේ.

තවද පොදු ප‍්‍රවාහන සේවාවල ගමන් තරන මගීන් මෙන්ම ඒවායේ සේවය කරන රියදුරු, කොන්දොස්තර මහතුන්ද මුව ආවරණ පැලඳීම, රථය තුල සිට පිටතට කෙළ ගැසීමෙන් වැළකීම, රථයට නැගීමට පෙර හා පසු තමන් ලග තබා ගන්නා මධ්‍යසාර අඩංගු විෂබීජනාශක දියර යොදා දෑත් හොදින් සෝදා ගැනීම මෙන්ම රථය තුලදී අනවශ්‍ය ලෙස ආසන හා ආධාරක  ඇල්ලීමෙන් වැළකීමද ආසාදනයෙන් වැළකි සිටිමට අප සියලු දෙනාටම උපකාරි වේ.

පෞද්ගලික මෙන්ම පොදු වාහනයද අදාල පුද්ගලයින් හා ආයතන විසින් ප‍්‍රවාහන සේවාව ඇරඹීමට පෙර හා පසු අනිවාර්යෙන් විශබිජහරණය කිරිමට වග බලා ගත යුතු වේ. එමෙන්ම පොදු ප‍්‍රවාහන සේවාවන්හි නියුතු රියදුරු හා කොන්දොස්තර මහතුන් අත්  වැසුම් හා මුව ආවරණ පැලඳීම මෙන්ම අනවශ්‍ය ලෙස මහජනතාව තදබදයට ලක් වන සේ බසයට නොගැනිම ජනතාවගේ මෙන්ම ඔබගේ සෞඛ්‍යාරක්ෂාව සදහාද වැදගත් වේ.

මෙවන් සෞඛ්‍යමත් චර්යාවන්ට අනුගත වී ගමන් කිරීමෙන් පාලනය වී ඇති කොරෝනා රෝගය තුරන් කිරිමට දායක වෙමු.

නයනී විජේවික්‍රම, සභාපති, ශී‍්‍ර ලංකා සෞඛ්‍ය අධ්‍යාපන නිළධාරීන්ගේ සංගමය

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435