මඟී තදබදයක් නිසා කටුනායක ගුවන්තොට නොසන්සුන්

මඟී තදබදයක් නිසා කටුනායක ගුවන් තොටුපළේ නොසන්සුම්කාරී වාතාවරණයක් මතුව ඇති බව වාර්තා වේ.

ලෝක බෝරාවරුන්ගේ වාර්ෂික සමුළුවට සහභාගීවීමට පැමිණි පිරිස් නැවත් සිය රටවල් වෙත පිටත්වීම නිසා මෙම තත්ත්වය උද්ගතවී ඇති බවයි ගුවන්තොටුපළ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

කටුනායක ගුවන්තොටේ ඇති ඉඩකඩ හා පහසුකම් මෙවැනි අවස්ථාවලදී ප්‍රමාණවත් නොවීම නිසා මෙවැනි තත්ත්වයන් ඇතිවීම වැළැක්විය නොහැකි බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

කෙසේ වෙතත් ඔබ විදේශගතවීමට බලාපොරොත්තුවෙන් පසුවෙන අයෙක් නම් පවතින තත්ත්වය තුළ ඔබ තරමක් කල්වේලා ඇතිව ගුවන්තොටුපළට යාම නුවණට හුරු කාරණයක් බව සිහියේ තබා ගන්න.

වැඩබිම

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435