මත්ද්‍රව්‍ය නිසා කුවේටයේ දෙස් විදෙස් ශ්‍රමිකයින්ට ජීවිත අවධානමක්

අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතා කරන කුවේටයේ ස්වදේශිකයින් මෙන්ම විදේශිකයින්ට දැඩි ජීවිත අවධානමක් වර්තමානය වනවිට ඇතිවී තිබෙන බව වාර්තා වේ.

2019 වර්ෂයේ ආරම්භයේ සිට මේ දක්වා කාලය ගත් කළ මාස 05කදී අධික මාත්‍රාවෙන් මත්ද්‍රව්‍ය භාවිතා කළ පුද්ගලයින් 30ක් පමණ මියගොස් ඇති බවත් සඳහන්.

සාමාන්‍යයෙන් මසකට පුද්ගලයින් 05 දෙනෙකුවත් මත්ද්‍රව්‍ය නිසා මියයන අතර ඒ අය අතරත් බොහෝ දෙනෙක් එරට ඉහළ අධ්‍යාපනය ලැබූ පුද්ගලයින් ද වෙයි.

පසුගිය 2018 වර්ෂයේ පුද්ගලයන් 115 දෙනෙක් සහ 2017 වර්ෂයේ පුද්ගලයන් 68 දෙනෙක් අධික ලෙස මත්ද්‍රව්‍ය ගැනීම හේතුවෙන් මියගොස් ඇති බව කුවේට් සංඛ්‍යාලේඛන දෙපාර්තුමේන්තුව පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් කුවේටය තුළ මත්ද්‍රව්‍ය භාවිතය,වෙළඳාම, බෙදා හැරීම සඳහා බලපැවැත්වෙන නීති හා දඩ ක්‍රමවේදය තවත් දැඩිවනු ඇතැයි බොහෝ දෙනෙක් සැක පල කරයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435