උපාධිධාරි රැකියා ගැටළු සාකච්ඡාව සාර්ථකයි -ගැටළුවට විසඳුම් ලැබෙන ලකුණු

මධ්‍යම පළාත් උපධිධාරින් විසඳුම් ඉල්ලා සැප්: 24 දියත් කිරීමට නියමිතව තිබූ උද්ඝෝෂණයට පෙර සැප්: 23 දින පස්වරුවේ මධ්‍යම පළාත් බලධාරීන් සමඟ සාකච්ඡාවක් පැවැත්වු සාකච්ඡාව සාර්ථක බව සංවර්ධන නිලධාරී සේවා සංගමය පවසයි.

එම සාකච්ඡාව මධ්‍යම පළාත් ආණ්ඩුකාරතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවති අතර පළාත් ප‍්‍රධාන ලේකම්, පළාත් රාජ්‍ය සේවා කොමිෂමේ බලධාරීන් හා ආණ්ඩුකාර ලේකම් ඇතුළු පිරිස ද සංවර්ධන නිලධාරී සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් චන්දන සූරියආරච්චි පළාත් ශාඛාවේ නිලධාරීන් වන එදිරිසිංහ, බණ්ඩාර ඇතුළු මහත්වරු සහභාගි වූ බව පැවසූහ.

සාකච්ඡාව සඳහා ඉදිරිපත් කළ ගැටළු පහතින් දැක්වේ.

  • 2018.08.20 බඳවාගත් උපාධිධාරීන් මෙතෙක් ස්ථීර නොකිරීම
  • 2020 ස්ථානමාරු දිගින් දිගටම අත්හිටුවීම.
  • විනය හා විමර්ශණ කටයුතු සඳහා ආශ‍්‍රිත සේවා නිලධාරීන් යොදා නොගැනීමේ තීරණය
  • 2018.08.20 මෙතෙක් ස්ථීර නොකළ මධ්‍යම පළාත් අභ්‍යාසලාභී උපාධිධාරීන්ට 2020 ඔක්තොම්බර් 02 ස්ථීර පත්වීම් ලිපි ප‍්‍රධානය කිරීම.
  • II) 2019.08.01 සහ සැප්: 16 පළාත්සභා සඳහා ඇතුළත් වූ අභ්‍යාසලාභීන් ස්ථීර කිරීම සඳහා අනුමැතිය හිමි වීම.
  • යළි අත්හිටුවීමකින් තොරව 2020 ක‍්‍රියාත්මක නොවූ ස්ථානමාරු හා 2021 ස්ථානමාරු සියල්ල 2021.01.04 දිනට ක‍්‍රියාත්මක කිරීම අනිවාර්ය කිරීම.
  • විනය හා විමර්ෂණ කටයුතු මෙහෙයවීම සඳහා අනිකුත් සේවාවන්වල නිලධාරීන් මෙන්ම ආශ‍්‍රිත සේවා (MN-04) නිලධාරීන් ද සහිත 100 ක කණ්ඩායමක් පුහුණු කර එම කටයුතු වල යෙදවීම.

යන කරුණු එහි දී තීරණය කරන ලදි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435