මධ්‍යම පළාත් සභා රාජ්‍ය සේවයේ පුරප්පාඩු සඳහා අයඳුම්පත් කැඳවයි

මධ්‍යම පළාත් සභා රාජ්‍ය සේවයේ, පළාත් ආදායම් සේවයේ 3 වන පන්තියේ II වන ශ්‍රේණියේ බදු නිළධාරී තනතුරට බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය – 2018

සුදුසුකම්

  1. ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු වීම
  2. විශිෂ්ට චරිතයකින් සහ ප්‍රමාණවත් ශාරීරික හා මනසික යෝග්‍යතාවයකින් යුක්ත වීම
  3. 2018.12.28 වන දිනට පූර්වාසන්න වසර 03ක අඛණ්ඩ ස්ථිර පදිංචියක් ඌව පළාත තුළ තිබිය යුතුය.
  4. 2018.12.28 වන දිනට වයස අවුරුදු 18ට නොඅඩු සහ 35ට නොවැඩි විය යුතුය.

වැටුප් පරිමාණය – රු.34,605 – 10 x 660 – 11 x 755 – 15 x 930 –  රු. 63,460

විභාග ගාස්තු

විභාග ගාස්තුව රු. 600/-කි. එම මුදල මධ්‍යම පළාතේ ප්‍රධාන ලේකම්ගේ ආදායම් ශීර්ෂ 20.03.02.13ට බැරවන මධ්‍යම පළාත තුල පිහිටි ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් වෙත මුදලින් ගෙවා අයදුම්කරුගේ නමින් ලබා ගන්නා ලදු පත අයදුම්පතේ නියමිත ස්ථානයේ අලවා එවිය යුතුය.

අපේක්ෂකයාගේ අනන්‍යතාවය

විභාගයෙදී තම අනන්‍යතාවය ඔප්පු කිරීම සඳහා ,

  1. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කල ජාතික හැඳුනුම්පත,
  2. වලංගු විදේශ ගමන් බලපත්‍රය හෝ
  3. වලංගු රියදුරු බලපත්‍රය ඉදිරිපත් කල යුතුය.

විභාගය

විභාගය සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැත්වේ.

පහත සඳහන් විෂයට අදාලව ලිඛිත පරීක්ෂණය පැවැත්වේ.

විෂයය                                                   කාලය (පැය)                 මුළු ලකුණු

සාමාන්‍ය දැනීම හා බුද්ධි පරීක්ෂණය         1 ½                                100

සම්පුර්ණ කරන ලද අයදුම්පත් 2018.12.28 වන දින හෝ ඊට පෙර ලැබෙන සේ ලේකම්,මධ්‍යම පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාවඅංක 244කටුගස්තොට පාරමහනුවර  යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කල යුතුය.

දැනට රාජ්‍ය/පළාත් රාජ්‍ය සේවයේ නියුතු අයදුම්කරුවන් අයදුම්පත තම දෙපාර්තමේන්තු ප්‍රධානියා මඟින් ඉදිරිපත් කල යුතුය.

වැඩි විස්තර පහත  නිවේදනයේ දැක්වේ.

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435