මාධ්‍යකරුවන්ට අහිතකර බලපෑම් එපා – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඉල්ලයි!

රටේ පවත්නා කැළඹිලිකාර දේශපාලන වාතාවරණය හමුවේ ඇතැම් රාජ්‍ය ආයතනවල සේවක/සේවිකාවන්ට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියා වර්ධනය වන තත්ත්වයක් දක්නට ලැබෙයි. දේශපාලන බලාධිකාරීයේ ඇතැමුන් විසින් කුපිත කරන ලද පිරිස් ස්වකීය ප්‍රතිවාදී කණ්ඩායම් කෙරෙහි ප්‍රචණ්ඩත්වය මුදාහරිමින් පවත්නේ වෘත්තීය ගරුත්වය පිළිබඳ තුට්ටුවකට හෝ මායිම් නොකරමිනි. රාජ්‍ය මාධ්‍ය ආයතනවල මෙම තත්ත්වය ඉතාමත් තීරණාත්මකය. මේ පිළිබඳ අවධානය යොමු කරමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සභාපති සී. දොඩාවත්ත මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයේ මෙසේ දැක්වෙයි.

ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක අතර අගමැති ධුරය සම්බන්ධයෙන් මේ මොහොතේ ඇතිවී තිබෙන අරගලය හේතුවෙන් රාජ්‍ය මාධ්‍ය ආයතන සහ ඇතැම් මාධ්‍යවේදීන් වෙත එල්ලවන අහිතකර බලපෑම් පාලනය කිරීමට කඩිනමින් මැදිහත් වන ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සියලු වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටී.

අදාළ නොවන පුද්ගලයන් රාජ්‍ය මාධ්‍ය ආයතන වෙත ඇතුළු වීමේ අවස්ථා සහ එම ආයතන තුළ සේවයෙහි නිරත මාධ්‍යවේදීන්ට අයථා බලපෑම් එල්ල කිරීමේ අවස්ථා කිහිපයක් මේ වනවිට වාර්තා වී තිබේ. එබඳු බලපෑම් ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය නිදහසට මෙන්ම සමාජයෙහි ප්‍රජාතන්ත්‍රවාදයේ යහ පැවැත්මටද අනතුරක් ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සලකයි.

පසුගිය යුගය තුළ දේශපාලන අසාධාරණයන්ට ගොදුරුවූවන් සිටී නම් සිදුවිය යුත්තේ විධිමත් ලෙස කරන සොයා බැලීමකින් ඔවුන්ට සාධාරණය ඉටු කිරීමය. එසේ නොමැතිව සිදුවෙමින් තිබෙන වෙනස්කම් හමුවේ තවත් කිසිවෙකුට එවැනි අසාධාරණයක් සිදු නොකිරීමට වගබලාගන්නා ලෙසද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වගකිවයුතු අංශ වෙතින් ඉල්ලා සිටියි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435