මාර්තු වන විට සියලූම උපාධිධාරින්ට රැකියා

රැකියා අහිමි සියළු උපාධිධාරින් හට මාර්තු මස අවසන් වීමට පෙර රැකියා ලබාදීමට රජය පියවර ගන්නා බව අධාපන හා ක්‍රීඩා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසන ලදී.

එහිදී වැඩිදුරටත් අමාත්‍යවරයා පැවැසුවේ වයස් මට්ටම නොසලකන බවත්, බාහිර හා අභ්‍යන්තර උපාධිය පිළිබඳව තේරීමක් නොකර සියළු උපාධිධාරින් හට රැකියා ලබාදෙන බවත්, විශේෂයෙන් ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි හා විදෙස් භාෂා හැදෑරූ උපාධිධාරින් හට රැකියා ලබාදෙන බවය.

සියලුම උපාධිධාරි භික්ෂුන් වහන්සේලාට ගුරු පත්වීම ලබාදෙන බවත් පැවැසූ අතර, අමාත්‍යවරයා මේ බව පැවැසුවේ බත්තරමුල්ලේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435