මාර්තු සිට වතු සේවකයින්ට දෛනිකව රු.1000ක වැටුපක්

වතු කම්කරුවන්ගේ දිනක වැටුප මාර්තු මස සිට රුපියල් 1000 ක් දක්වා වැඩි කර ලබාදීමට රජය පියවර ගෙන ඇති බවත් ඒ සඳහා වූ අවබෝධතා ගිවිසුම් ඉදිරි දින කීපයතුළදි වතු සමාගම් සමඟ අත්සන් කරනු බලන බවත් ප්‍රජා සංවර්ධන හා වතු යටිතල පහසුකම් අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමාන් ප්‍රකාශකර තිබේ.

ඒ පසුගිය 14 වෙනි දින ආගරපතන, ඩයගම, නට්බෝන් ප්‍රදේශයේදී  පැවති උත්සවයකට එක්වෙමිනි.

එහිදී තව දුරටත් අදහස් දක්වමින් හෙතෙම ප්‍රකශ කරන්නේ “ජනාධිපතිවරයා කිව්ව  විදිහටම වතු කම්කරුවන්ගේ දිනක වැටුප වැඩි කිරීමට කටයුතු කර තිබෙනවා. පසුගිය රජයේ වතුකරයේ සිටි ඇමැතිවරුන් වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කරනවා කියා ඔවුන් රැවට්ටුවා.

කියන දේ කරන කරපු දේ කියන අයයි මේ රජයේ ඉන්නේ. ඒ නිසා අනිවාර්යෙන්ම වතු කම්කරුවන්ගේ රුපියල් 1000 වැටුප් වැඩි කිරීම මාර්තු මස සිට අපි වතු කම්කරුවන්ට ලබා දීමට පියවර ගන්නවා” යනුවෙනි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435