මාලදිවයින්ගේ අසරණවී සිටින ලාංකිකයින්ගෙන් ජනපති වෙත බැගෑපත් ඉල්ලීමක් [Video]

කොරෝනා වසංගත තත්ත්වය නිසා මෙරටට පැමිණීමට නොහැකිව මාලදිවයිනේ අසරණවී සිටින ලාංකිකයින් පිරිසක් ජනපතිගෙන් ඔවුන්ව මෙරටට ගෙන්වා ගන්නා ලෙස බැගෑපත් ඉල්ලීමක් කර තිබේ.

මෙම පිරිස මාලදිවයිනේ සංචාරක කර්මාන්ත ක්ෂෙත්‍රවල රැකියාවේ නිරත්වෙන අය වන අතර ඔවුන් මාස 05ක් පුරා මෙරටට පැමිණිමට නොහැකිව සංචාරක නිකේතනය වල සිරවී සිටී.

ඔවුන් සඳහන් කරන පරිදි මේ වනවිට ඉන්දියාව ඇතුළුව රටවල් බොහෝමයක මාලදිවයිනේ සේවය කළ ශ්‍රමිකයින් සියල්ලක්ම පාහේ ඒ ඒ රටවල් වලින් ඔවුන්ගේ රටවලට ගෙන්ව ගැනීමට කටයුතු කළත් ලංකාවේ අය තවමත් මව්බිමට ඒමට නොහැකිව මාලදිවයිනේ සිරවී සිටින බවයි.

ඔවුන් කඩිනමින් තමන්ව දිවයිනට ගෙන්වා ගන්නා ලෙස ජනපතිගෙන් ඉල්ලිමක් කර තිබේ.

ඔවුන් සමාජ ජාල වෙත මුදා හැර ඇති වීඩියෝ පටය පහතින් -ඔවුන් කියන දේ අහන්න..

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435