මාලදිවයිනේ සිටින තවත් ලාංකිකයින් පිරිසකට දිවයිනට එන්න වරම්

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් දිවයිනට පැමිණීමට නොහැකිව මාලදිවයිනේ රැඳී සිටි ශ‍්‍රී ලාංකිකයින් 179 දෙනෙකු අද පස්වරුවේ මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණියා.

ඒ, මාලදිවයිනේ මාලේ ගුවන් තොටුපළේ සිට පැමිණි විශේෂ ගුවන් යානයකින්. එම ගුවන් මගීන් පිරිස ගුවන් තොටුපළ තුලදීම PCR පරීක්ෂණ සඳහා යොමු කෙරුණු බවයි වාර්තා වෙන්නේ.

එම පරීක්ෂණවල වාර්තා නිකුත් කෙරෙන තෙක් ඔවුන් ගුවන් තොටුපළ අවට හෝටල් කිහිපයකට තාවකාලිකව යොමු කර තිබෙනවා.

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435