මාස 04කදී සෞදියේ ලාංකිකයින් 28ක් කොරෝනා වෛරසයට බිලිවෙයි

සෞදි අරාබියේ රැකියාව සඳහා විදේශගතවූ ලාංකිකයින් 28 දෙනෙකු කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා ජීවිතක්ෂයට පත්ව ඇති බවට සෞදි ලක් තානාපති කාර්යාලය නිවේදනය කර තිබේ.

පසුගිය මාස 04ක කාලය ඇතුළත මෙම පුද්ගලයින් 28 දෙනා මරණයට පත්ව තිබෙන බවයි තානාපති කාර්යාලය සඳහන් කළේ.

මියගිය පිරිස අතර සෞදියේ ගෘහ සේවයට ගිය කාන්තාවන් දෙදෙනෙකු සිටින අතර අනෙක් අය එරට සේවය කළ පිරිමි පුද්ගලයින් වෙයි.

මියගිය පිරිසෙන් බහුතරයක් දෙනා හෘදයාබාධ, පිළිකාරෝග, දියවැඩියාව හා බෝ නොවෙන රෝග වලින් පීඩාවිදි අය වන බව සෞදි සෞඛ්‍ය අංශ විසින් අනාවරණය කර තිබෙන අතර කොරෝනා රෝගය නිසා ඔවුන්ගේ රෝග තත්ත්වයන් උත්සන්න වීම නිසා මෙම මරණ සිදුව තිබේ.

මියගිය පුද්ගලයිගේ සිරුරු ජාත්‍යන්තර නිරෝධායන ක්‍රමවේදයන්ට අනුව එරටදී සිදුකර තිබෙන බවයි තානාපති කාර්යාල සඳහන් කළේ.

අමතරව සෞදියේ ලාංකිකයින් 70ක් පමණ පසුගිය මාස කිහිපය තුළ කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වී තිබෙන බවත් තානාපති කාර්යාලය පෙන්වා දෙයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435