මැතිවරණය අවසන් වන තුරු මාරු කිරීම් නවත්වන්න

සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුයුක්තව සේවය කළ කළමනාකරණ සේවා නිලධාරීන් නිදහස් කිරීම සම්බන්ධව රාජ්‍ය පරිපාලන ආපදා කළමනාකරණ සහ පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශය වෙත කළමනාකරණ සේවා නිලධාරී ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය විසින් ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටින්නේ තම පුරප්පාඩු ඇති සේවා ස්ථාන සොයා ගන්නා තෙක් දැනට සේවය කරන ස්ථාන වලම සේවය කිරිමට ඉඩ දෙන ලෙසයි.

එම ලිපයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුයුක්තව මෙතෙක් කලක් සේවය කළ කළමනාකරණ සේවා නිලධාරීන් සෞඛ්‍ය සේවාවේ අඩුපාඩු සපුරා ගැනීමෙන් පසු ඉතා කඩිනමින් මැතිවරණයක් පවතින අවස්ථාවක ඔවුන් සේවය කළ සේවා ස්ථානවලින් මුදා හැරීමේ කටයුතු සිදු කරමින් පවතී.

සෞඛ්‍ය කළමනාකරණ සහකාර සේවාව සංවෘත සේවාවක් බවට පත් කරගෙන වසර ගණනාවක් ගියත් අප සේවාවේ නිලධාරීන්ට වාර්ෂික ස්ථාන මාරු වලට ඉදිරිපත් වීමට පවා අවස්ථාව අහිමිකරමින් ඔවුන්ගේ වැඩ කටයුතු අවසන් වන තෙක් තබාගෙන මෙසේ නිදහස් කිරීමට කටයුතු කිරීම අප පිළිකුලින් හෙලා දකිමු.

දිවයිනේ රෝහල් ගණනාවක සෞඛ්‍ය කාර්යාලයවල මෙසේ නිදහස් කරන නිලධාරීන්ට කඩිමුඩියේ සේවා ස්ථාන සොයා ගැනීම හා පුරප්පාඩු නොමැතිවීම නිසා ඔවුන් බලවත් පීඩාවකට පත්වී ඇත. එනිසා ඔබතුමා මේ සදහා මැදිහත් වී මෙම නිලධාරීන්ට පුරප්පාඩු සොයා ගන්නා තෙක් ඔවුන් සේවය කල සේවා ස්ථානවල රැදී සිටීමට අවකාශ සලසා දෙන මෙන් කාරුණිකව ඉල්ලමු.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435