මැතිවරණ පසු විපරම – වැඩකරන ජනයා ස්වාධීනව සංවිධානය විය යුතුයි

 – ජෝශප් ස්ටාලින් –

ප්‍රධාන ලේකම් ලංකා ගුරු සංගමය

වර්තමාන ආණ්ඩුවට බොහෝ බලාපොරොත්තු තබා  2015 ජනවාරි 08 ලබාදුන් ජනවරමට සම්පූර්ණයෙන් පටහැණි ගමනක් ආණ්ඩුව යමින් සිටියා. අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි ක්ෂේත්‍ර පුද්ගලීකරණය කරමින් ගමනක් ගියා. ඇවැන්ගාඩ් සිද්ධියේදී ඊට වගකිවයුත්තන් අධිකරණයයට ගෙන ගිය අවස්ථාවේදී ජනාධිපතිවරයා සෘජුව මැදිහත්වී එකී නිලධාරීන්ට චෝදනා කරන බවක් දකින්නට ලැබුණා.

ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට, දූෂිතයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ජනතාවට දුන්නු පොරොන්දු කිසිවක් ඉටුකළේ නෑ. ජනවාර්ගික ප්‍රශ්නයට ස්ථිරසාර විසඳුමක් නෑ. රජයට වැඩිම ජනවරමක් ලබාදුන්නේ සුළුතර ජනයා වුණත්, මේ වෙද්දී සුළු වාර්ගිකයින් සම්පුර්ණයෙන්ම අමතක කරලා තියෙනවා. පුද්ගලීකරණය ක්‍රියාවලිය අත්තනෝමතික ලෙස අධි බලයක් ආරෝපණය කරමින් කරගෙන යනවා. පෙරළිය කරනු ලැබුවේ ජනතාව වුනත්, ඇමතිවරුන් ඒක තමන්ගේ හයිය කියලා හිතාගෙන වැඩකරමින් හිටියා.

වැඩකරන ජනයා විසින් තවදුරටත් ස්වාධීනව සංවිධානයවී තම බලය පෙන්නුවේ නැතිනම් දැවැන්ත මර්දනයක් ඉදිරියේදී දියත්වීමට නියමිතයි. සියලුම නීතිරීති සංශෝධනය කරමින් යන අත්තනෝමතික ගමන නැවැත්විය යුතුයි. ඒ නිසාම ලැබුණු ඡන්ද ප්‍රතිඵලය ගැන හිත හිතා ඉන්නවට වඩා තමන්ට අහිමිවී යන ප්‍රජාතන්ත්‍රවාදය, අයිතිවාසිකම් ගැන වැඩකරන ජනයා විසින් වැඩි වැඩියෙන් අවධානය යොමු කළ යුතුයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435