මැදපෙරදිග තවත් රටක් විදෙස් ශ්‍රමිකයින් රැකියාවලින් ඉවත්කිරීම සැරසෙයි

මැදපෙරදිග රටවල් කිහිපයක් ස්වදේශිකයින්ට වැඩි රැකියා අවස්ථා හිමිකරදීමේ අරමුණින් ඒ ඒ රටවල ශ්‍රමබලකාය තුළ සිටින විදේශික ශ්‍රමිකයින්ගේ රැකියා කප්පාදු කිරීමට කටයුතු කිරීමට සැරසෙයි.

ඒ අතර කුවේට් රාජ්‍ය මූලිකවෙන අතර රාජ්‍ය බලධාරීන් පෙන්වා දෙන පරිදි ඉදිරි වසර 07ක් ඇතුළත විදේශිකයින් දහස් ගණනකගේ රැකියා අහිමි කිරීමට සූදානම් බව මාධ්‍යවෙත අනාවරණය කර තිබේ.

එමෙන්ම, ඕමාන ජාතිකයන්ට වැඩි රැකියා ප්‍රමාණයක් ලබාදීමේ අරමුණින් වෘත්තීන් කීපයකට අදාල වනපරිදි පනවා තිබු තහනම තවදුරටත් දීර්ඝ කිරීමට පසුගියදා තීරණය කර ඇත්තේද මේ අරමුණ පෙරදැරිවයි.

ඕමාන් මින්ස් බල අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ඕමානකරණය යටතේ විදේශ ශ්‍රමිකයන් ක්‍රමාණුකූලව වෘත්තීන්වලින් ඉවත් කිරීමට ඕමාන රජය පියවර ගෙන ඇති බවයි.

තහනම් කර ඇති වෘත්තීන්ට සේවා ගිවිසුම් අත්සන් කිරීමට රැකියා සපයන සමාගම්වලට නොහැකි බවත් කිසියම් ගැටළුවක් ඇත්නම් මිනිස් බල අමාත්‍යාංශය අමතන ලෙස අමාත්‍යාංශය ඉල්ලීමක් කර ඇත.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435