මැදපෙරදිග රැකියා 50000ක් අහිමිවීමේ අනතුරක

කොවිඩ් 19 වයිරසය හේතුවෙන් මැදපෙරදිග සේවය කරන ශ්‍රී ලාංකිකයන් අතරින් 20,000 කට ආසන්න පිරිසක් රැකියා අහිමිවීම් ඇතුළු අර්බුදවලට මුහුණ දී සිටිතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

මේ වනවිට සමහර ආයතන වැසී යාම නිසා සේවකයන් වැටුප් අහිමිවීම්වලට මුහුණ දී ඇති බවත් තවත් සමහරුන්ට අඩ වැටුප් ලැබීම හෝ වැටුප් අඩු කිරීම් සිදුව ඇති බවත් තවත් බොහෝ දෙනෙකුට අතිකාල සේවා අහිමි වී ඇති බවත් වාර්තා වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ අතිරේක සාමාන්‍යධිකාරි මංගල රන්දෙනිය පවසා තිබේ.

මේ අතර අප්‍රේල් මැයි හා ජුනි මාස තුනේ දී විදේශ රැකියාවන්ට යාමට බලාපොරොත්තුවෙන් සිටි 30,000 කට ආසන්න පිරිසකට කොවිඩ් 19 රෝගය පැතිරයාම හේතුවෙන් එම රැකියා අහිමිවී යැයි ද හෙතෙම පෙන්වා දුන්නේය.

එසේ යම් ප්‍රශ්නයකට මුහුණ දී සිටින අයෙක් වේ නම් අදාල රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට වාර්තා කරන ලෙස සාමාන්‍යධිකාරිවරයා ඉල්ලා ඇතත් එම රටවල අසරණව සිටින පිරිස් තමන්ට තානාපති කාර්යාලවලින් කිසිදු පිළිසරණක් නොලැබෙන බව පවසයි. එම රටවල අසරණව සිටින පිරිස් පවසන්නේ රැකියා අහිමිවීම නිසා තමන්ට ඉන්නට හිටින්නට තැනක් නොමැතිවීමට අමතරව කෑම බීම පවා නොමැති බවයි. එසේම එම ශ්‍රමිකයන්ට සහන සැලසීමට හෝ ඔවුන් නැවත ගෙන්වා ගැනීම වෙනුවෙන් වූ වැඩපිළිවෙලක් නොමැති බවද දක්නට ලැබෙන්නකි.

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435