මැදපෙරදිග සිට ලාංකිකයින් 656ක් දිවයිනට එයි

මැදපෙරදිග ස්සේවයට ගිය ලාංකිකයින් 656 දෙනෙකු කටුනායක හා මත්තල ගුවන්තොටුපළ වෙත ඊයේ(15) පස්වරුවේ පැමිණ තිබේ.

කොරෝනා වසංගතය හමුවේ මෙරටට පැමිණීමට නොහැකිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටි ලාංකිකයින් 371 දෙනෙකු රැගෙන ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඊයේ පස්වරු 4.20ට පමණ මත්තල ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුණි.

ඊයේ රාත්‍රී 10.10ට පමණ ජෝර්දානයේ රැඳී සිටි ලාංකිකයින් 285ක් රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ජෝර්දානයේ අම්මාන් නුවර් අසිට සිට කටුනායක ගුවන්තොටුපළ වෙත ළඟවී තිබේ.

සියළුම ගුවන් මගීන් ගුවන්තොටුපළ වෙත පැමිණි පසු පී.සී.ආර් පරීක්ෂණවලට යොමුක තිබෙන අතර පසුව නිරෝදායන මධ්‍යස්ථානවෙත යොමුකළ බවත් සඳහන්.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435