මැදපෙරදිග සේවයට ගිය තවත් ලාංකිකයින් 12ක් කොරෝනා නිසා මියයයි

කොරෝනා ආසාදනය වීම නිසා පසුගිය සති 03ක කාලය ඇතුළත මැදපෙරදිග රටවල සේවය කළ ලාංකිකයින් 12 දෙනෙකු මරණයට පත්ව ඇති බවට ඒ ඒරටවල ලක් තානාපති කාර්යාල ආරංචි මාර්ග වාර්තා කරයි.

මෙම මියගිය පිරිස සමඟ අදවන විට මැදපෙරදිග සේවය සඳහා ගිය ලාංකිකයින් 35 දෙනෙකු කොරෝනා ආසාදනය වීමෙන් මරණයට පත්ව තිබෙන බවයි එම තානාපති කාර්යාල සඳහන් කරන්නේ.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ එක්සත් අරාබි එමීරය, සෞදිය, කුවේට් ,කටාර්, ඕමාන් හා බහරේන් රාජ්‍යයේ සේවය කළ අයවන අතර ඉන් 33ක් පිරිමි පුද්ගලයින් වන බවත් මියගිය අයගෙන් දෙදෙනෙකු පමණක් කාන්තාවන් වෙයි.

මියගිය ලාංකිකයින්ගේ අවසන් කටයුතු ඔවුන් සේවය කළ රටවලදී ජාත්‍යන්තර සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද යටතේ සිදුකර ඇති අතර වර්තමානයේ පවතින තත්ත්වය හමුවේ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ගේ කැමැත්ත මත එම අවසන් කටයුතු සිදුකර තිබේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435