මැදියමේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ දුම්රිය වර්ජනය අත්හිටුවයි

අද(09) මැදියමේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ පැය 48ක දුම්රිය වර්ජනය අත්හිටුවීමට ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනියර් රියදුරු සංගමය තීරණය කර තිබේ.

මෙම වර්ජනය සඳහා දුම්රිය රියදුරු, නියාමක, ස්ථානාධිපති, පාලක හා දුම්රිය අධීක්ෂණ කළමණාකරුවන් එක්වීමට නියමිතව තිබුණි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා ප්‍රකාශකර ඇත්තේ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මසක් ඇතුළත වැටුප් ගැටලුවට විසඳුම් දෙන බවට පොරොන්දු වීමත් සමඟ වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කළ බවයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435